gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රතන හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට අපේ ජන බල පක්ෂය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්ය.
 
එහි වගඋත්තරකරුවන් ලෙස අපේ ජන බල පක්ෂය, එහි ලේකම් නිශාන්ත රත්නායක, සභාපති සමන් පෙරේරා, විජයධරණී ජාතික සභාවේ ලේකම් සමන්ත කීර්ති බණ්ඩාර, මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු සාමාජිකයින්, මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක ,පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු 11 දෙනෙකු නම් කර ඇත.
 
පෙත්සම්කාර රතන හිමියන් කියා සිටින්නේ තමන් වහන්සේ අපේ ජන බල පක්ෂ සාමාජිකයෙකු නොවන හෙයින් විනය කඩ කළේ යැයි චෝදනා කරමින් සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට හෝ විනය කමිටුවට බලයක් නොමැති බවය.
 
තමන් වහන්සේ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයට කිසිදු අධිකාරී බලයක් නොමැති බවද උන් වහන්සේ පවසයි.
 
එමෙන්ම සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට වගඋත්තරකරුවන් ගත් ක්‍රියාමාර්ගය තමන් වහන්සේ හා අපේ ජන බල පක්ෂය අතර ඇතිවූ එකඟතාවන්ට පටහැනි බවද උන්වහන්සේ චෝදනා කරයි.
 
ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට අපේ ජන බල පක්ෂය ගෙන තිබෙන තීරණය නීතිය ඉදිරියේ බල රහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද උන් වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
එමෙන්ම තමන් වහන්සේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වී නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
 
(අද දෙරණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka