සිරිල් ගාමිණි පියතුමන් ගේ ප්‍රකාශය සටහන් කරගැනීම ඇරඹේ… සී.අයි.ඩී. ය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්!
සිරිල් ගාමිණී පියතුමන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇතැයි වාර්තා වේ.
ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා සිරිල් ගාමිණී පියතුමන්ට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කර තිබූ දැනුම්දීමට අනුව පියතුමන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීන ලෙස දන්වා තිබිණි.
මේ වන විට සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
එසේම සිරිල් ගාමිණී පියතුමන් හට සහය දැක්වීම පිණිස පියතුමන්ලා ප්‍රධාන ගිහි පැවිදි විශාල පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වී සිටින බව ද වාර්තා වේ.
- කීර්ති ප්‍රනාන්දු
සිරිල් ගාමිණි පියතුමන් ගේ ප්‍රකාශය සටහන් කරගැනීම ඇරඹේ… සී.අයි.ඩී. ය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්!
2021-11-15T13:03:00+05:30
Gossip Lanka Hot News






