gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එරාජ් හා රත්තරන් තිලක් කොල්ලුපිටියේ ඉඩම් කොල්ලයක - නාමල්ගේ නමත් කියවෙයි

කොල්ලුපිටියේ 10 වැනි පටුමගේ ජීවත් වූ තමා හා දරුපවුල ඊයේ (11) අලුයම ඔවුන් වෙසෙන ස්ථානයෙන් එළියට ඇද දමා ඔවුන් ජීවත් වූ ඉඩම බලහාත්කාරයෙන අත් පත් කරගැනීමට පිරිසක් උත්සාහ කළ බව කියමින් තුවාන් අසන් සලීම් නැමැත්තෙකු විසින් පොලිස් මූලස්ථානයට හා කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
 
මේ ඉඩම් කොල්ලයේ මහ මොළකරුවන් වන්නේ මොහොමඩ් ෂේක් හා මොහොමඩ් සිද්ධික් නමැති ප්‍රසිද්ධ ඉඩම් මංකොල්ලකරුවන් දෙදෙනෙකු බව පැවසේ.

සලීම් හා පවුල ඉඩමෙන් එළියට ඇද දැමීමේ කොන්ත්‍රාත්තුව ගෙන ඇත්තේ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු හා ප්‍රසිද්ධ මැරයකුවන රත්තරන් තිලක් යන අය බවද මේ අතර වාර්තා වේ.

අද අලුයම 2ට පමණ මෙම ස්ථානයට අවි ආයුධ අතැතිව පැමිණි 200කට අධික මැර පිරිසක් තම දරුවන්ට පහරදී තම නිවසද කඩා බිඳ දමා බලහත්කාරයෙන් මෙම ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කළ බවත් මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමැණිළි කළද පලක් නොවූ තැන පොලිස් මූලස්ථානයට පැමිණිලි කළ බවත් ඉඩමේ හිමි කරු කියයි.

මෙම ඉඩම් කොල්ලයට පැමිණි පුද්ගලයින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ නමද කියමින් දේශපාලන හයිය ප්‍රදර්ශනය කරමින් තමන් භිය ගැන්වීමට උත්සහා කළ බවද හෙතෙම වැඩදුරටත් කියයි.

-srilankamirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka