gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ හීන බොඳ කිරීමට එස්.එම්.ගෙන් අද කැබිනට් පත්‍රිකාවක්!

යූරියා පොහොර ගෙන්වීමට අදාළ යෝජනාවක් අද (12) රැස්වන කැබිනට් මණ්ඩලයට තමන් ඉදිරිපත් කරන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා කියයි.

ලබන වසර සඳහා යූරියා සියයට 50 ක ප්‍රමාණයක් ගෙන්වා 2023 වර්ෂයේ දී එය සියයට 25 ක් දක්වා අඩු කර අනතුරුව කාබනික පොහොර වැඩපිළිවෙළට යා හැකි බව අමාත්‍යවරයා කියා සිටී.

අයවැය ලේඛණයට අනුමැතිය ලබාගැනීම සඳහායි අද පෙරවරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී ද කියා සිටියේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයට රට හරිත කෘෂිකර්මන්තයකට යොමුකිරීම සිදුකරන බවත්, කී පරිදි කාබනික පොහොර නිෂ්පාදනය කර විප්ලවීය වෙනස නියත වශයෙන් ම කරන බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා.

"මම බලයට පත්වුණු වෙලාවේ තරුණයන් ඉදිරියට ඇවිල්ලා, අර තාප්පවල චිත්‍ර ඇන්දා, පුරන් වෙලා තිබුණු කුඹුරු වගා කළා, මම ඔවුන්ට නැවත ආරාධනා කරනවා මේ රජය, අපිව විශ්වාස කරලා, නැවත්තත් ඉදිරියට එන්න. කුඹුරු ගොවිතැන් කරන්න. බය වෙන්නට එපා. මේක විශාල වෙනසක්. එක විට ම පොහොර වෙනස් කිරීම." මෙසේද පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka