gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සල්ලි දී ගත් සීඅයිසී කාබනික පොහොරවල වීදුරු කටු සහ කටු කම්බි… ලබන කන්නෙ කුඹුරට බහින්න බෑ! (video)

කාබනික පොහොර ලෙස ප්‍රධාන කෘෂි සමාගම් විසින් අලෙවි කරන පොහොරවල කටු කම්බි වීදුරුකටු බොරළු ඇතුළු හානිකර ද්‍රව්‍ය ඇති ආකාරය  අකුරැස්ස පරදූව, තෙලිජ්ජවිල මොරගොඩ ගොවි පවුල් ගණනාවක් විසින් හෙළි කළේය.

ඔවුන් පෙන්වා දෙන්නේ අස්වැන්නේ අඩු වැඩි වීම පිලිබඳව තත්වය කෙසේ වුවත් වීදුරු කටුකම්බි සහිත මේ පොහොර යැයි කියා  අලෙවි කරන ද්‍රව්‍ය කුඹුරුවලට දැමුවොත් කුඹුරකට බැස ගන්නට බැරිවන තත්වයක් ඇතිවන බවය.

අකුරැස්ස පරදූව ගම්මානයේ  ප්‍රධාන ගොවියෙක් තමන් මිල දී ගත් පොහොර මිටියක් කඩා  ඒ   පොහොර දැලකින් හලා  මේ අපද්‍රව්‍ය  මාධ්‍යයට පෙන්වා තිබිණි.

“පොහොර මිටි 4ක් 05ක් රැයිසියෙන් හළලා පාවිච්ච කළා.  හැම පොහොර මිටියකම මෙහෙමයි.  අස්වැන්න අඩු වැඩි වීම වෙනම ප්‍රශ්නක්. ඒත් මේ මොනවද මේ කරන්නේ.“

“කිලෝ හතලිහෙ පැකට් එක රුපියල් 1400යි.  සල්ලි දීලා ගෙනාපු කොට්ටෙ කඩලා ගහන්න බෑ.  බාගෙට බාගයක් පස්.  වීදුරුකටු.  මේවා වෙල් වලට දැම්මට පස්සේ ආයෙ කොහොමද ඊලඟ කන්නෙදි වැඩ කරන්න වෙලට බහින්නේ.“ ඔවුන් චෝදනා කළේය.

- සම්පත් දෙණිපිටියගේ













උපුටා ගැනීම : lankasara

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka