gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

‘මිලේනියම් සිටි’ හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නොවේ - ෆොන්සේකා

මිලේනියම් සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එම ස්ථානය අවි ආයුධ තබාගෙන සිටීම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සිදුකළ අයථා වැඩක් බවද පැවසූ ෆොන්සේකා මහතා එය රජයක් පිටින් දමා මඩ ගැසීමට උත්සාහ කිරීම බැහැර කරන බවද සදහන් කළේය.

කිසිදිනෙක හමුදා බුද්ධි අංශ දිගුදුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ක්ලෙමෝ බෝම්බ ගෙන ඒමේ අවශ්‍යතාවක් නොතිබූ වුවද සඳහන් කළේය.

ඒවා සිදු කළේ විශේෂ කාර්ය බලකායේ බවද ඔහු පැවසීය.

මිලේනියම් සිටි සිද්ධිය වන විට තමා යාපනයේ ආඥාපතිවරයාව සිටි බවද ඔහු සදහන් කරයි.

එදා ඒ රණවිරුවන් පිරිස දඩමීමා කරගෙන රජය පෙරළීමට කටයුතු කළ බවත් ෆොන්සේකා මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අයවැය තුන්වැනි වර විවාදයේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka