gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීන පොහොර තොගයේ හානිකර කිසිවක් නෑ - තෙවන පාර්ශව පරීක්‍ෂණයෙන් හෙලිවේ!

චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොර තොගයේ හානිකර බැක්ටීරියා කිසිවක් නොමැති බව ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ තුන්වන පාර්ශවය ආයතනය විසිනි තහවුරු කර ඇති බව Qingdao Seawin Biotech Group චීන සමාගම සඳහන් කර ඇත.

අදාල පොහොර සාම්පලවල හානිකර බැක්ටීරියා ඇති බව ශ‍්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් සිදු කරන පරීක්ෂණ වලින් හෙලි විය.

පසුව එම පරීක්‍ෂණ වාර්තා අභියෝගයට ලක්වෙමින් චීන Qingdao Seawin Biotech Group සමාගම විසින් දෙරටේ එකගතාවය තෙවන පාර්ශවයක් ලෙස Schutter Global Inspection and Survey Company වෙත පරීක්ෂණ සඳහා යෙමු කරන ලදී.

ඒ අනුව සිදුකරන ලද පරීක්ෂණ වලට ශ්‍රී එම පොහොරවල කිසිදු හානිකර බැක්ටීරියා හමු නොවූ බව සමාගම සඳහන් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

අදාල පොහොර තොගය රැගත් නෞකාව මේ වන විට කොළඹ වරාය ආසන්නයේ රදවා ඇති අතර වහාම පොහොර තොගයට ගාස්තු ගෙවා බාර ගන්නා ලෙස චීනය දැනුම් දී ඇත.

එමෙන්ම ඒ සදහා ණයවර ලිපි විවෘත කරන ලද මහජන බැංකුව චීනය විසින් ආසාලු ලේඛණ ගත කර ඇත.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka