කොළඹ-නුවර මාර්ගයේ පහළ කඩුගන්නාවේ පළතුරු කඩවලට ඉහළ කඳු කොටසේ පැල්මක ලකුණක් ඇතිවී තිබේ. අදාළ විවරයෙන් පසේ අභ්‍යන්තරයට ජලය ගලායාමක් සිදුවන බව ගොඩනැගිලි පරයේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය.
මේ හේතුවෙන් එම කොටසේ ඇතිවන තෙරපුමක් නිසා පිටට නෙරා යාමක් සිදුවෙමින් පවතින බවද සඳහන්ය.
ඉහල ඇති විවරය සිමේන්ති කොන්ක්‍රීට් තට්ටුවක් යොදා වසා දැමිමෙන් අනතුරුව එම ස්ථානයට ගලා එන ජල පහර වෙනත් ස්ථානයකට හරවා යැවීම මෙයට පිළියම් ලෙස එහිදී යෝජනා කර තිබේ.
මේ අතර එම කඳු කොටසේ ඇති විශාල ගස් කපා ඉවත් කිරීමටද තීරණය වී ඇත.
කෑගල්ල දිසා ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ ජාතික ගොඩනැගිලි පරයේෂණ ආයතනය, මාර්ග සංවර්ධන අධිකාරිය, පොලීසිය, ආපදා කළමණාකරන නිලධාරින්, ප්‍රාදේශිය ලේකම් හා යුදහමුදා සෙබළුන්ගේ සමග එක්ව මාර්ගය යතාතත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවයි.
කෙසේ වෙතත් තවදුරටත් පහළ කඩුගන්නාවෙන් කොළඹ-නුවර මාර්ගය වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
