gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේක දැක්මක් නැති අයාලේ යන ආණ්ඩුවක්. ජනතාව පළමු වෙලාවෙම උත්තර දෙයි - ශ්‍රීලනිපයෙන් දරුණු ප්‍රහාරයක්

වත්මන් ආණ්ඩුව යනු දැක්මක් නැති, අයාලේ යන, එදාවේල ටුවර්ස් ආණ්ඩුවක් බවත් ජනතාව ඔවුන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුවට පිළිතුරු ලබාදෙනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන හවුල්කාර පක්ෂය වුණත් මේ පක්ෂයට විවිධ චෝදනා එල්ල කරන්න පටන් ගත්තා, අපහාස උපහාස කරන්න පටන් ගත්තා, පක්ෂ නායකයාට අවලාද නගන්න පටන් ගත්තා. තුනෙන් දෙකක බලය හරහා අපට දඬුවම් කරන්න පුළුවන්ය, බැහැලා එළියට යන්න පුළුවන්ය, මේවා ඉහළ නායකයින්ගේ ආශිර්වාදයෙන් තොරව මේ කාරණා සිද්ධ වුණා කියලා අපට හිතන්න බෑ. මොකද මේ අයට පුළුවන් ඕනෙ නම් ඒ කටහඬවල් නවත්තන්න. එහෙම දෙයක් සිද්ධ වෙන පාටක් පේන්න නෑ. 

ලෝකයේ වෙනත් රටක් නම් මේ වගකිවයුතු දේශපාලනඥයො තමන්ට බැහැයි කියලා යන්න ගිහිල්ලා. එහෙම නැත්නම් ඒ අය එළවලා දාලා. නමුත් අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඊට වඩා වෙනස්. ඉදිරියේ පැවැත්වෙනවා කියන කවර හෝ මට්ටමේ පළාත්සභා හෝ පළාත් පාලන මැතිවරණ වලදී ගතයුතු ක්‍රියාමාර්ග ගැන මේ වනවිට බරපතළ ලෙස සාකච්ඡා වෙමින් තිබෙනවා ශ්‍රීලනිපය තුළ. ඉතින් මම හිතනවා ලද පළමුවෙනි අවස්ථාවේදීම ජනතාව මේකට පිළිතුරු ලබාදෙයි කියලා" 

ප්‍රශ්නය - ඔබතුමාලාගෙ ඔය ගැටළු සාකච්ඡා මගින් විසඳා ගැනීමේ හැකියාව තියෙනවා නේද ?


 "සාකච්ඡා මගින් විසඳීම සඳහා කිසිම ප්‍රවේශයක් ලබාදීලා නැහැ"


 ප්‍රශ්නය - අයවැය පිළිබඳ ඔබතුමාලාගේ නිර්වචනය කුමක්ද ?

"කවුරු කෙසේ කුමක් කීවත් ජනතාවට අයවැයෙන් කිසිම සහනයක් නෑ. බඩුමිල බලන් ඉද්දී ඉහළ යනවා. අයවැය ලේඛනය හරියට කියෙව්වෙත් නෑ. මුල මැද අග සම්බන්ධෙකුත් නෑ. අවසානයෙදි කවියක් තියෙනවා කිව්වා, ඒ කවිය කිව්වෙත් නෑ" 

ප්‍රශ්නය - පොහොර ප්‍රශ්නයේදී ජනතාවට සංවේදී රජයක් ලෙස ඒ තීන්දුව ආපස්සට ගන්න කටයුතු කළා ?

"අද වෙනකොට නැවත වතාවක් අර සුපුරුදු පරිදි පෞද්ගලික අංශයේ ගජමිතුරන්ට පොහොර ගේන්න අවස්ථාව ලබාදීලා තියෙනවා. දැක්මක් නැති, අයාලේ යන, එදාවේල ටුවර්ස් ආණ්ඩුවක් විදියට තමයි මේක හඳුන්වන්න පුළුවන්" 

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka