gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දියාවේ යන බැසිල් මෝදිවත් හම්බවෙන්න දාගෙන!

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන සතියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලියේදී මුණගැසීමට නියමිත රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිදු කරන ප්‍රථම විදේශ චාරිකාව මෙය වේ.
 
අග්‍රාමාත්‍ය මෝදි මහතා සමඟ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා කරනු ලබන සාකච්ඡාවේ මූලික අරමුණ දෙරට අතර ආර්ථික සහයෝගය තරකර ගැනීම බව පැවසේ.
 
උතුරේ සහ දකුණේ සිද්ධස්ථාන සංවර්ධනයට අවශ්‍ය ආධාර මෙන්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉල්ලා ඇති ඩොලර් ණය මුදල ගැනද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි පැවසේ.
 
එසේම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අදහස් ශ්‍රී ලංකාවට දැනුම්දීම සිදුවනු ඇතැයි ද වාර්තා වෙයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ සංචාරයේදී ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාම් මහත්මිය, විදේශ අමාත්‍ය සුබමනියම් ජයශංකර් මහතා සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ද හමුවීමට නියමිතය.

නවදිල්ලියේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ප්‍රමුඛ මහ කොමසාරිස් කාර්යාලයීය ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාගේ චාරිකාවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට සැරැසී සිටින බවද වාර්තා වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka