gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කබ්රාල්ගේ මූල්‍ය අක්‍රමිකතා මිලියන 37,500යි

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරය දැරූ මුල් සමයේ 2012 සහ 2013 වර්ශවල රුපියල් මිලියන 37,500ක මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම විගණන වාර්තාව පාර්ලිමේන්තු කෝප් කාරක සභාවට ඉදිරිපත් කර ඇත්තේ 2016 පෙබරවාරි 25වෙනි දාය. එම වාර්තාව මගින් ශීර්ෂයන් 11ක් යටතේ මෙම මූල්‍ය අක්‍රමිකතා හෙළිකර තිබේ. අදාළ වර්ශ දෙකෙන්ම අනාවරණය වන පරිදි වැඩිම අක්‍රමිකතාවක් සිදුකර ඇත්තේ මහ බැංකුව අලාභ ලබමින් තිබියදී මහ භාණ්ඩාගාරය වෙත රුපියල් මිලියන 28,000ක් ලාභ වශයෙන් මාරුකිරීමෙන්ය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව බරපතල අනතුරකට හෙළා එවකට පැවති රාජපක්ෂ ආණ්ඩුවේ පක්ෂපාතී භාවය දිනාගැනීමට අජිත් නිවාඩ් කබ්රාල් කටයුතු කර ඇති බව පැහැදිලි වේ. මෙවර ගෝටාබය රාජපක්ෂ විසින් ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම පිළිබඳව අධිකරණය වෙත පවා කරුණු ඉදිරිපත් කර තිබිණි. ඔහු නැවත වරක් මහ බැංකුවේ අධිපති ධුරය සඳහා පත්කරනු ලැබූවේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ග්‍රීක බැඳුම්කරවල මුදල් යෙදවීම සහ හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් විශාල මූල්‍ය අපරාධ සිදුකර තිබියදී ය.
-lankatruth








gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka