gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට යන මනුස්සයාට වඳින්න ඕනේ.. එයාලගෙන් එන ඩොලර් ටික නිසා තමයි මේ රටට තෙල් ටික වුණත් ගෙන්න ගන්නේ - ඇමති ජොන්ස්ටන්

කටුගම්පොල, ආඬිගමවත්ත ඇස්පෝල්ට් පූර්ව මිශ්‍රණ යන්ත්‍රාගාරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.
මගනැගුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම මගින් එහි සංවර්ධන කටයුතු සිදුකර ඇත.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම ඊයේ (27) සිදුකෙරිණි.

වසර 8ක පමණ කාලයක සිට යන්ත්‍රාගාරයේ කොටස් අධික ලෙස අබලන්වී අක්‍රීය තත්ත්වයට පත්වීම නිසා මෙහි නිෂ්පාදනය අතහැර දමා තිබුණි.

ඒ අනුව රුපියල් මිලියන 28 ක් වැයකර මෙම යන්ත්‍රාගාරය අලුත්වැඩියා කර ඇත.

මෙම සම්පුර්ණ පෙරමුසු යන්ත්‍රාගාරය රුපියල් මිලියන 152ක වටිනාකමින් යුක්තය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, කියා සිටියේ “දූෂිත රජයක් දූෂිත නායකයෙක් කියලා ගෝඨාභය රාජපක්ෂ මහතාට කාටවත්ම ඇඟිල්ල දික් කරන්න බැරි බවත් බොරු කියන්න මඩ ගහන්න ලේසි බවත් ඒකට තමයි අනුර දිසානායකගෙයි ප්‍රේමදාස මහත්තයාගෙයි කල්ලි ඉන්නේ බවය

එමෙන්ම විපක්ෂයේ ඇට නැති දිව දැන් නැමිලාමයි තිබෙන්නේ මඩ ගහන්න සහ බොරු කියන්න.පසුගිය දා කිව්වා රටේ පෙට්‍රල් ඩීසල් නැති වෙනවා කියලා. රටේ ඉන්ධන හිඟයක් ඇති වුනේ නැහැ.”

“රට දාලා මිනිස්සු යනවා කියලා විපක්ෂය මතයක් ගොඩ නැගුවා. නමුත් මේ යන්නේ යුරෝපයට යන මිනිස්සු නෙමෙයි. රට යන මනුස්සයාට වඳින්න ඕනේ. එයාලගෙන් එන ඩොලර් ටික නිසා තමයි මේ රටට තෙල් ටික වුණත් ගෙන්න ගන්නේ. ඒ මිනිස්සුන්ටත් අපහාස කෙරුවා රට අත්හැරලා යනවා කියලා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka