gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බදියුදීන්ගේ සොහොයුරා සී.අයි.ඩී. බාරයෙන් නිදහස් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) නියෝග කර තිබේ. මෙලෙස ඔහු නිදහස් කර ඇත්තේ දැඩි කොන්දේසි මතයි.

රියාජ් බදියුදීන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටියේය.

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය කර ඇත.

විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව, පෙත්සම්කරු රැඳවුම් භාරයෙන් මුදාහැරීමට නියෝග කළ අධිකරණය ඔහුට කොළඹ නගර සීමාවෙන් පිටතට යාම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.

එමෙන්ම සෑම මසකම පළමුවන සහ තුන්වන ඉරිදා දිනයන්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළයුතු බවත් විදේශගත වන්නේ නම් අධිකරණයෙන් අවසර ලබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.

පෙත්සම්කාර පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 11 (1) වගන්තිය යටතේ මෙම නියෝගය ප්‍රකාශයට පත්කරන බව ද එම නියෝගයේ සඳහන් වේ.

අනතුරුව පෙත්සම ලබන වසරේ මැයි මස 10 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka