ඉල්ලා අස්වීමේ අදහස අලි සබ්‍රි අත්හරියි
ඇමති ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්නීමට තීරණය කරමින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කළ අධිකරණ ඇමති අලි සබ්‍රි එම අදහස ඉවත්කරගෙන ඇතැයි වාර්තා වේ.
ඔහු අධිකරණ ඇමති ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබුණේ, එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට විරුද්ධත්වය පළ කරමිනි.
කෙසේ වෙතත් පසුව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු මේ වනවිට තමා ඉල්ලා අස්වීමට කර තිබූ තීරණය අධිකරණ ඇමති අලි සබ්‍රි අත් හැර තිබේ.
-lankatruth
ඉල්ලා අස්වීමේ අදහස අලි සබ්‍රි අත්හරියි
2021-11-08T13:14:00+05:30
Gossip Lanka Hot News






