gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයේ අභ්‍යන්තර ඇත්ත විමසන අය මර්ධනය කිරීම ගැන තියෙන්නෙ දැඩි අප්‍රසාදයක් - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

පාස්කු ප්‍රහාරයට මුල් වූ පදනම් සිදුවීම් සොයාගෙන යන කණ්ඩායම් එම ප්‍රහාරයට වගකිවයුත්තේ කවුරුන් දැයි ප්‍රශ්න කරන විට ඔවුන් මර්ධනය කිරීමට රජය ගන්නා කවර හෝ උත්සාහයක් දැඩි අප්‍රසාදයකින් යුතුව බැහැර කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ලංකසරට පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ සිරිල් ගාමිණී පියතුමා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් ප්‍රකාශයක් ලබා ගන්නට කටයුතු කරන ආකාරය සම්බන්ධව රජයේ අමාත්‍යවරියක් ලෙස ඇය දරන අදහස කුමක්දැයි කළ විමසීමට පිළිතුරු ලබා දෙමිනි.

“ඇත්තටම මේ සිදුවීම් පෙළ සම්බන්ධව මගේ කිසිම ප්‍රසාදයක් නෑ. ඔවුන් විමසන්නේ  කවුද මේ ප්‍රහාරයට වගකිවයුතු මහමොළකරුවො කියලයි.  ඔවුන් ඉල්ලන්නෙ රට තුළ විවෘත කථිකාවක්. පුළුල් සංවාදයක්. එය දැනගැනීමේ අයිතිය කතෝලික ප්‍රජාවට විතරක් නෙමෙයි, මේ රටේ සෑම පුරවැසියෙකුටම තියනවා. ඔවුන් හඬනගන්නෙ ඒ වෙනුවෙන්.  ඒ පිළිබඳව හඬ නගන අයට රජය විවිධ චෝදනා ගොනු කරලා අපහසුතාවයට පත් කිරීම  විශාල ගැටලුවක්.  ඊට එකඟ වෙන්න බෑ.“  අමාත්‍යවරිය වැඩිදුරටත් කීවාය.

කතෝලික මන්ත්‍රීවරුන් ලෙස ඇති වී තිබෙන තත්වය සම්බන්ධව රජයට ලිඛිතව දැන්වීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධව හඬක් නගන්නට කතෝලික මන්ත්‍රීවරුන් සියල්ලම එක් නොවීම ගැටලුවක් බවත් ඇය පෙන්වා දුන්නාය.

- කීර්ති ප්‍රනාන්දු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka