gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඔමික්‍රෝන් ප්‍රභේදය ආවොත්, වසන්තය නිමවෙනවා සත්තයි. වහාම ගුවන්තොටේ PCR අරඹන්න - කුමුදේශ්

දකුණු අප්‍රික්‍රාවෙන් හඳුනාගෙන ඇති දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදයට මෙරටට ඇතුළු වීමට ඉඩ නොතැබීම සඳහා ඉතාම සැලකිලිමත් වියයුතු බවත් ඒ සඳහා ගුවන්තොටුපලේ ඇති රසායනාගාර භාවිතා කර පැය තුනෙන් ප්‍රතිඵල ලබාගත හැකි PCR පරීක්ෂණ සිදුකිරීම වහාම ආරම්භ කළයුතු බවත් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කරයි. 

"අපි රටක් විදිහට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාලනය කරගෙන ඉන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා. 

දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය විය හැකි ප්‍රභේදයක්. ඒ වගේම දැනට තියන එන්නත් සියල්ලට ප්‍රතිරෝදී ප්‍රභේදයක්. ඒ නිසා ඔමික්‍රෝන් රටට ඇතුලු වෙනවා කියන්නේ, වසන්තය ඉවර වෙනවා සත්තයි.

ඒත් අපි තාම රට ඇතුළුවෙන අයගේ PCR පරීක්ෂණ කරන්නේ නැහැ. වහාම ඔන් අරයිවල්  PCR පරීක්ෂණ  ඇරඹිය යුතුයි. පැහැදිලිවම අපි රජයට කියනවා කරුණාකරලා මේ හෝටල් මාෆියාවට සහ  PCR මාෆියාවට යටවෙන්නෙ නැතුව ගුවන් තොටුපලේ තියෙන ගුවන්තොටුපල අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසයනාගාර පාවිච්චි කරලා පැය තුනක් ඇතුළත කරලා දෙනවා කියන මේ  PCR පරීක්ෂණය වහාම ආරම්භ කරන්න"

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka