gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොන නීති දැම්මත් ආණ්ඩුවට එරෙහිව 16 කොළඹ වටලනවා! (VIDEO)

ආණ්ඩුව කුමන නීති ගෙනාවද කලින් යොදාගත් පරිදි අගහරුවාදා දින (16) කොළඹ වටලන බව සමගි ජන බලවේගය අවධාරණය කරයි. විපක්ෂ නායක කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න සහ එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරු මේ බව අවධාරණය කර සිටියහ

රංජිත් මද්දුමබණ්ඩාර .

ලබන 16 වෙනිදා තියෙන ආණ්ඩු විරෝධී ජනතා රැල්ලට ආණ්ඩු විරෝධී ගමනට ආණ්ඩුව තහංචි දානවා අපි දන්නවා අද රටේ ජනතාවට බඩුමිල වැඩිවෙලා ජීවන වියදම ඉහළටම ගිහිල්ලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙලා ගෑස් , සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය බඩු ටික නැති වෙලා ජනතාවට පෝලිමේ ඉන්න සිද්ධ වෙලා ඒ විතරක් නෙමෙයි මේ රටේ ජීවනාලිය ගොවියාගේ ගොවිතැන අහිමි කරලා ඔවුන්ගේ ආර්ථිකය විනාශ කරලා රටේ නිෂ්පාදනය විනාශ කරලා සාගතයකට මේ රට ගෙන යන ආණ්ඩුවකට විරුද්ධව අද ගොවියා එළියට බැහැලා පාරිභෝගිකයා ඇතුළු සාමාන්‍ය ජනතාව එළියට බැහැලා එවැනි වෙලාවක් අපි කල්පනා කරා සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය හැටියට ජනතාවගේ විරෝධී හඬ එකතැනකට ගෙනල්ලා මේ රටේ ආණ්ඩුවට පෙන්වන්න එයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා ජනතාවගේ විරෝධය ජනතාවගේ අකමැත්ත ආණ්ඩුවට තිබෙන බව මේ රටේ ජනතාවට එළිදක්වන්න.

ආණ්ඩුව අද කරන්නේ සමගි ජනබලවේගයේ විරෝධතා ව්‍යාපාරයට තහංචි දාන්න යනවා කෝවිඩ් එකෙන් දවසට 250ක් 300ක් මැරෙද්දි නොගහපු ගැසට් එකක් පහුගිය 09 වෙනිදා ගහලා ඒ ගහලා තියෙන්නෙ ඇයි ‍සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට බලය දෙන්නයි 250ක් 300ක් මැරෙද්දි වත් මේ ගැසට් එක ගහන්න බැරි වුණා හැබැයි අපි මේ සම්බන්ධ ජනාධිපති නීතීඥ ජේෂ්ඨ කීපදෙනෙක් එක්ක කතා කළා ඒ අය කිව්වා මේ රෙගුලාසි හා විධාන අනුව සම්පූර්ණයෙන්ම විරෝධතා ව්‍යාපාරය ආණ්ඩු විරෝධය සෞඛ්‍ය නීතිරීති අනුව කටයුතු කරන්න මුඛ ආවරණය පළඳලා දුරස්ථභාවය තියාගෙන අපි කරන්නේ අපි ආණ්ඩුවෙන් අහනවා රට වටේ උද්ඝෝෂණ ඒව නවත්තන්න බැරි වුණා ඊයෙ තිබුන එක්සත් ජාතික පක්ෂයේ සුළු පිරිසක් එකතු කරගෙන උද්ඝෝෂණයක් කරා ඒකෙන්ම පේනවා ආණ්ඩුවට පොලිසියට සෞඛ්‍ය අංශ වලට එක්කෝ නීතියෙන් අවසරයක් නීතියක් නැහැ ඒවා නවත්තන්න .ආණ්ඩුවට ඕන අපිව මර්දනය කරන්න විතරයි මේ රටේ හැමතැනම අද උද්ඝෝෂණ තියෙනවා අපි ආණ්ඩුවට කියනවා මොන නීතිය දාලා බය කරන්න හැදුවත් විරෝධය දාලා වලක්වන්න හැදුවත් සමගි ජන බලවේගයේ අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාත් අපිත් එකතුවෙලා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පවත්වන්න ලබන 16 වෙනදා කටයුතු කරනවා අපි ආණ්ඩුවෙන් අහන්නේ ඔවුන්ට පුලුවන්නම් දහස් ගණනක් එකතු කරලා හෝල් එකක් ඇතුලෙ තමන්ගේ පක්ෂ සංවත්සරය තියන්න අපි පොලිසියෙන් සෞඛ්‍ය අංශයෙන් අහනවා මේ නීතිය නැද්ද වෙනත් පක්ෂ උද්ඝෝෂණ කරද්දි ඒකට නීතිය නැද්ද අද සමගි ජන බලවේගය ජනතාවටත් සජිත් ප්‍රේමදාස නායකයා ගමක් ගමක් ගානේ යද්දි දහස් ගණන් එකතු වෙනවා ඒ ආණ්ඩු විරෝධී රැල්ල සමගි ජන බලවේගයට කැමැත්ත ප්‍රකාශ කරන රැල්ල අපි ලබන 16 වැනිදා කොළඹ හයිඩ් පිටියට මේ පිරිස ගෙනල්ලා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය තියෙනවා. ආණ්ඩුවේ බොරු නීති බොරු බය කිරීම් වලට අපි බය වෙන්නෙ නෑ කියන එක ආණ්ඩුවට දන්නවා.

ජනාධිපතිට අද අයවැයක් ඉදිරිපත් කර ගන්න ජනාධිපති අද කියනවා අපි හොඳ නැතිනම් අලුත් බලවේගයකට ඡන්දය දෙන්න කියලා ඒ කියන අලුත්ම බලවේගය තමයි අවුරුද්දයි මාස හයක් වන සමගි ජන බලවේගය අපි ජනාධිපතිට ස්තූති කරනවා රටේ ජනතාවට පණිවිඩයක් දුන්න එක ගැන එහි පලවෙනි පියවර තමයි ලබන 16 වැනිදා අනිවාර්යෙන්ම මේ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන එක කරනවාමයි.

ඊයේ අයවැයෙන් මේ රටේ බඩු මිල වැඩි වෙන එකට ජීවන වියදම වැඩි වන එකට කිසිම උත්තරයක් දීලා නැහැ ඒ විතරක් නෙමෙයි ගොවියන්ට කිව්වා ආණ්ඩුවෙන් කෘෂිකර්ම ඇමති තුමා පාරලිමේන්තුව කිව්වා ගොවීන්ගේ අස්වැන්න අඩු වෙන එකට ඒ මුදල ගොවියට ගෙවනවා කියලා අයවැයේ කොහේවත් නැහැ ගොවියට ඒ වන්දි ගෙවන්න මුදල් නැහැ ඒ විතරක් නෙමෙයි මුදල් ඇමතිතුමා කියනවා අපි පරිපූරක ඇස්තමේන්තු ගේන්නෙත් නෑ කියලා ඒ කියන්නේ ගොවියා රැවටීමක් රජයේ සේවකයන්ගේ විශ්‍රාම සීමාව 60 ඉඳලා 65 දක්වා වැඩි කරල තියනවා මේක රජයේ සේවයට ආදරේ නිසා නෙමෙයි ආණ්ඩුවෙ සල්ලි නැහැ ගැටිවිටි ගෙවන්න ආණ්ඩුවේ ඊටීඑෆ් , ඊපීඑෆ් සල්ලි ටික අවුරුදු පහක් ඉතුරු වෙනවා ඒක නිසා තමයි ආණ්ඩුව කරගෙන යන්න සල්ලි නැති නිසා රජයේ සේවකයා විශ්‍රාම ගියාම එයාගෙ දීමනාව දෙන්න බැරි නිසා රජයේ සේවකයා පෞද්ගලික අංශයෙන් සංස්ථා මණ්ඩලය රජයේ සේවය කරන අර්ථසාධක මුදල්වල සල්ලි ටික ගන්න තමයි එහෙම කරලා තියෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා දැක්වූ අදහස්.

මේ ආණ්ඩුව අද වැටී තිබෙන තත්වය යටතේ විපක්ෂය මර්දනය කිරීමට නොයෙක් විදියේ ඉදිරිපත් වෙන්න හදනවා එයට අපි ඉඩ තියන්නේ නැහැ අද පැත්තක තිබෙන සෞඛ්‍යය තමයි අරගෙන තියෙන්නේ මෙච්චර කල් නිදාගෙන හිටි ආණ්ඩුව මෙච්චර කල් කිසිම තහංචියක් විධිවිධාන දාන්නෙ නැති ආණ්ඩුව එකපාරටම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලියනවා පවතින තත්වය ගැන නිසි ක්‍රියාමාර්ග ගන්න කියලා මම හිතන්නේ මේක තමයි පලවෙනි වරට වසංගතයක් කාලෙක රජය ඉල්ලනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් සාමාන්‍යයෙන් කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අර රජයට නොයෙකුත් දේවල් කියනවා මේවා කළ යුතුයි කියලා දැන් ඒ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ කියපු කතාව අනුව නොයෙකුත් නියෝග නිකුත් කරනවා මේවා හොඳ නෑ කියලා .මම අහනවා මේ ආණ්ඩුව පහුගිය කාලේ පම්පෝරි ගැහුවේ කොවීඩ් රැල්ල දැන් ඉවරයි ඉතාමත් හොඳ ත්තවයක තිබෙනවා ආණ්ඩුව එන්නත්කරනය හොඳට කරා ඒ නිසා දැන් කිසි බයක් වෙන්න දෙයක් නැහැ පරිස්සම් උනාම ඇති කියලා දැන් එකපාරටම වෙලාවේ කෝවිට රෝගීන් සංඛ්‍යාව දවසකට සුළු පිරිසක් වැඩි වෙනවා ඒ දිහා හොඳට බලන් හිටියා එසේ බලන් ඉඳලා සමගි ජන බලවේගය තීන්දු අරගෙන ප්‍රකාශයට පත් කරාම 16 වෙනිදා විරෝධතාවයට එනවා කියලා එකපාරටම අවදි වෙනවා අවදි වෙලා සෞඛ්‍ය මතක් වෙනවා එහිදී වෙන ක්‍රමයක් නැහැ නවත්තන්න ඒගොල්ලො දන්නවා ලංකාවේ තියෙන ඓතිහාසික විරෝධතාවයක් 16 වෙනිදා තිබෙන බව රජයට විරුද්ධව අද මිනිස්සු පාරට බහින්න බලාගෙන ඉන්නේ අපි වගකිව යුතුයි විපක්ෂයක් විදිහට මෙතෙක් කල් මේ ජනතාව පාරට දාන්න තීන්දු කරේ නැහැ. නමුත් අපි දන්නවා පහුගිය කාලේ ගොවීන් තමන්ට ජීවත්වීමේ අයිතිය ඉල්ලා ගොවීන් පාරට බැස්සා ගුරුවරුන් තමන්ට ජීවත් වෙන්නට තිබෙන අපහසුතාවය නිසා ගුරුවරු පාරට බැස්සා අනෙකුත් ජනතාව හැම තැනකම ජීවන වියදම අනුව පාරට බැස්සා එහිදීත් කෝවීඩ් තිබුණා මීටත් වැඩිය නරක කාලේ වලත් එළියට බැස්සා එතකොට අද මේ වෙනකොට රටම ඉල්ලනවා ප්‍රධාන විපක්ෂය තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න කියලා ඒක තමයි මහජනතාවගේ විලාපය කොළඹට ගෙනල්ලා මේ ආණ්ඩුවට ඇහෙන්න සලස්වන්නේ. එකපාරටම නාගරික කොමසාරිස්වරයා යටතේ වැඩ කරන වෛද්‍යවරයා අපිට දුන්නා අවසරපත අවලංගු කරනවා මේ වෛද්‍යවරයා ක්‍රියාකරන්නේ කෝවිඩ් එක වෙනුවෙන් නෙමෙයි ඔහු ක්‍රියාත්මක කරන්නේ කොහෙන් හරි උඩින් ආපු නියෝගයකට සහ දේශපාලන බලපෑමකට ‍වෛද්‍යවරයෙක් විදියට ඇයි බය වෙන්නේ තමන්ගේ වෛද්‍ය වෘත්තිය නැති කරන්න පුළුවන් වෛද්‍ය සභාවට විතරයි එසේනම් ඇයි බය වෙන්නේ වෛද්‍යවරුත් මේ විදිහට හැසිරෙනවා නම් මේක මහා ඛේදවාචකයක් අද ඒ අනුව නොයෙකුත් නියෝග එනවා එය 16 වෙනිදට බයවෙලා ආණ්ඩුව ඇවිත් ප්‍රපාතයට වැටිලා ඊයේ අයවැය ලේඛණයෙන් හොඳටම ප්‍රපාතයට වැටුණා මිනිස්සුගෙ තිබුන සියලු බලාපොරොත්තු විනාශ වෙලා ගියා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාටම තේරෙනවා මේ කරන ප්‍රකාශන බොහෝ දත්ත සංඛ්‍යා ලේඛන බොරු බවත් බොරු පොරොන්දු කියලා ඒ නිසා තමයි එතුමාට වුණත් තමන්ගේ ශරීර සෞඛ්‍යය පවා අනිත් පැත්තට යන්නේ ඒ ඇතිවන තිගැස්සීම් නිසා දැන් අයවැයත් අසාර්ථකයි දැන් තියෙන්නේ රජයට මර්දනය විතරයි වෙන කිසිම දෙයක් නැහැ එම නිසා දවසෙන් දවස හමුදා නිලධාරීන් හැම තැනකටම පත්කරනවා එසේ පත්කර හමුදා නිලධාරීන් කන්නෙත් අපි කන විදියට තමයි ඒ ගොල්ලන්ටත් ජීවන වියදම තේරෙනවා ඒය නොතේරුණත් මෙයාලගෙන් පවුලේ නෝනා මහත්තයා මතක් කරයි දරුවන් මතක් කරයි කියලා වැඩ කරන මිනිස්සු මතක් කරයි.

අපි 16 වෙනිදට අපි ගත්ත තීන්දු අනුව කොළඹට එනවා එදා නවදිල්ලිය ගොවීන් ඇවිත් කෝවිඩ් වසංගතයේ දී නව දිල්ලිය වටලුවා වගේ අපි මුළු මහත් බහුතර ජනතාවක් එක්ක කොළඹම වටලනවා එය නවත්තන්නේ නැහැ එහි නොයෙකුත් නියෝග තියෙනවා හිර බත් කන්න එවැනි දේවල් එහෙම නැතුව හිර බත් කන්නේ නැතුව මේ දේශපාලන ගමන යන්න බැහැ මර්දනයට මුහුණ දෙන්න බැහැ එමනිසා අපි ලෑස්ති ඕනෑම දඬුවමකට මේ සඳහා අපේ නීතිඥවරුන් සූදානම් වෙලා තියෙනවා උසාවිවලට ගිහින් අසාධාරණයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.

මේ රටේ සියළුම දුක් විඳින ජනතාවට කියනවා තමන්ගේ දුක් ගැනවිල්ල කියන්න හැම තැනකම තියෙන පොදු ප්‍රවාහනයට එකතුවෙලා 16 වෙනිදා දවල් දෙක වෙනකොට හයිඩ්පාක් පිටිය අසලට පැමිණෙන්න හයිඩ්පාක් පිටිය තහනම් නම් කොළඹම හයිඩ් පාක් භූමියක් බවට පත් කරනවා ඒ නිසා ජනතාවට කියනවා අපිත් එක්ක එකතුවෙන්න ඔබලා වෙනුවෙන් අපි 16 වෙනිදා ඕනෑම දඬුවමකට යටත්ව නායකත්වය අපි ලබා දෙනවා.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් මහතා.

මේ රටේ ගොවියා ,කම්කරුවා ,ගුරුවරයා ,රාජ්‍ය සේවකයා ඇතුළු සියලුදෙනාම මුසාවෙන් මුලාවෙන් මෝහනය කරමින් ප්‍රෝඩාවෙන් රවට්ටලා පත්වෙච්ච මේ ආණ්ඩුව පහුගිය අවුරුදු දෙකක ගමන් මාර්ගයේදී තමන්ට ඡන්දය දුන්න ජනතාවත් රටත් සෞභාග්‍ය කරා ගෙන යන්නේ කොහොමද කියලා අපි බලන් හිටියා. අපට තේරුණා අන්තිමේදී මේ වැඩ කරන විරුවා අපේ රටට සෞභාග්‍ය කෙසේ වෙතත් සව්බාගයක් වත් දුන්නෑ කියන.

අපේ රටේ ගොවියා කියන්නේ අහිංසක මිනිස් කොට්ඨාශයක් තමන්ගේ කුඹුරු වගා කරගෙන තමන්ගේ වත්තේ තියෙන කොස් ගහෙන් දෙල් ගහේ පොල් ගහෙන් ඒ දේවල් ටික අරගෙන කාල බීල කාටවත් වදයක් නැතුව ඉන්න කණ්ඩායමක් අද ලංකා ඉතිහාසයේ 1848න් පස්සේ ගොවියා මහ පාරට ඇදලා දැම්මේ මේ ආණ්ඩුවයි.

රටතුල තෙල් පෝලිම් හදලා මිල වැඩි කරලා ගෑස් පෝලිම් හදලා රටේ ධිවරයා මධ්‍යම ප්‍රාන්තිකයා සම්පූර්ණ හිර කරලා අනිත් පැත්තෙන් සීනි පෝලිම් හදලා කිරිපිටි පෝලිම් හදලා අද මේ රටේ පොඩි ළමයෙකුට තේ එකක් දීගන්න බැරි තත්ත්වයට රට පත් කරලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ නග්ගලා පොඩි මිනිහගේ ඉඳලා ඉහළ මිනිහා දක්වා හැම කෙනාගෙම එදිනෙදා ජීවන වියදම අහස උසට නග්ගල තියෙනවා එහිදී මේ ජනතාවගෙන් පිට වෙන පීඩනය පහුගිය කාලාන්තරයක් මුළුල්ලේම අපි දැක්කා මිනිස්සු හන්දි ගානේ පාරට බැහැලා මොකක්ද කරන්නේ කියලා. එනිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ රටේ දහතුන් දහසකට අධික මිනිස්සු ප්‍රමාණයක් මැරෙද්දි ආණ්ඩුවට කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ අපේ මේ රටේ ජනතාව කෝවිඩ් වලින් බේරගන්න අපි කිව්වා ඒන්නත ගේන්න කියලා නමුත් පැණි ප්‍රමෝට් කරලා අපිට බැන්නා අන්න දේශීය දේවල් අපි අගය කරන්නේ නැහැ කියලා ආණ්ඩුව මේ එන්නත් කරණය ප්‍රමාද කරලා ජේෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛතාවයන් නොදී ඒ මිනිස්සුන්ට මැරෙන්න ඉඩ ඇරපු ආණ්ඩුව ඒ වෙලාවේ කටයුතු කරපු ආකාරය මේ රටේ ජනතාවට අමතක නැහැ. ඒ වගේම පහුගිය අප්‍රේල් මාසයෙන් පස්සේ රටේ විශේෂඥ වෛද්‍යවරු පීඑච්අයි මහත්වරු මේ ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් රට වහන්න වහන්න කියද්දී ආණ්ඩුවේ තියන උද්දච්ච කමට දවසින් දවස පරක්කු කරල තමයි 250 මැරෙන තැනට ගෙනාවේ. ඒ වෙලාවේ ආණ්ඩුවට මේ වගේ නීති දාන්න උවමනාවක් තිබුණෙ නැහැ ඒ නිසා මේ රටේ අද හදලා තියෙන පෝලිම් යුගයට එරෙහිව පොහොර නැති එකට එරෙහිව බඩු මිල අහස උසට නැගීමට එරෙහිව මාධ්‍ය මර්දනයට එරෙහිව නීතියේ ආධිපත්‍යය නැති වීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය බින්දුවට දැමීමට එරෙහිව ජනතාවගේ පීඩනයට නායකත්වය දීම තමයි සමගි ජන බලවේගය කරන්නේ එතකොට තමයි එක එක ගැසට් ගහන්නේ එක දෙයක් පැහැදිලිව කියනවා ආණ්ඩුව ජනතාවගේ පීඩනයන් මර්දනයට ලක් කරල යට කරන්න ලැබෙන්නේ නැහැ එහෙම විපක්ෂයක් ජනතාව බලාපොරොත්තු වෙන්නේ නෑ ඒ නිසා ජනතාවගේ පීඩනයට මේ රටේ විකල්ප ආණ්ඩුව හැටියට අපි අනිවාර්යෙන්ම නායකත්වය ලබා දෙනවා.

ඊයේ මුදල් ඇමතිවරයා කියනවා අයවැය කතාවේදී ලෝකයේ පිළිගන්නේ vaccination country කියලලු එහෙම නම් මිනිස්සුන්ට යන්න ඇවිදින්න කතා කරන්න අනිත් සියලු ක්‍රියාකාරකම් කරන්න නිදහස තියෙනවා ඒ නිදහස ඇයි සමගි ජන බලවේගයේ විරෝධතාවයට යට කරන්න හදන්නේ කියන එකත් පැහැදිලි වෙනවා ආණ්ඩුවට මේ විරෝධතාවය නොකරන්න ඕන නම් කරන්න තිබුණේ එක දෙයයි ඊයේ දවසේ මුදල් ඇමතිවරයාගේ අයවැය කතාවේදී සීනි මිල අඩුකරන හැටි කිරිපිටි මිල අඩු කරන හැටි තෙල් මිල අඩුකරන හැටි පොහොර ටික ගොවියන්ට ලබා දෙන හැටි හාල් මිල අඩුකරන හැටි ජීවන වියදම අඩු කරන හැටි සහ ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කරන විදිහ කියන්න තිබුණා ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවකයා රටට කරදරයක් වෙන කතාවක් තමයි බැසිල් මහත්තයා කිව්වේ ඒ නිසා එතුමාට ජනතාවගේ පීඩනය පාලනය කරන්න ඒත් එක්කම පීඩනය හරහා මිනිස්සු 16 වෙනදට කොළඹ වටලන එක නවත්තන්න තිබිච්ච අන්තිම අවස්ථාව ඊයේ මුදල් ඇමතිවරයා නැති කරගත්තා .අයවැය කතාවේදී ඔය ටික කිව්වා නම් ජනතාව පාරට බහින්නේ නැහැ ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන කොළඹ කියන්නේ හයිඩ් පිටිය විතරක් නෙමෙයි ඕනතරම් තැන් තියෙනවා ඒ නිසා ඕන තැනකට එන්න පුළුවන්.

16 වෙනිදා මේ කොළඹ වටලන වැඩේ ආණ්ඩුව ජනතාවගේ පීඩනය තරම තේරුම් කර දීමේ වැඩසටහන අපි අනිවාර්යෙන්ම කරනවා කියන එක පැහැදිලිව කියනවා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka