gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොච්චර මරාගත්තත් පොහොට්ටුවේ සම්මේලනයට කැරලිකාර පක්ෂ 11ම ඇවිත් - (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය අද (02) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විය.
ඒ පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

උත්සවය ආරම්භ වූයේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණිමත් සමගයි.

මහජන මන්ත්‍රණ සභාවක් පිහිටුවමින් LNG ගනුදෙනුවට එරෙහිව කටයුතු කරන නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයෝ හා සාමාජිකයෝ ද මීට එකව සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සම්මේලනය ඇමතූහ.

සම්මේලනය අමතමින් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ, පක්ෂය නිර්මාණය කරනු ලැබුවේ, කිසිවකු පරාජය කිරීමට නොව ජනතාව දිනවීමට බවයි.

මිතුරන්ගේ ආශිර්වාදයත් ප්‍රතිවාදින්ගේ අභියෝගත් යන දෙකම ආශිර්වාදයක් ලෙස භාර ගත් බවත් අභියෝග සියල්ලක්ම ශක්තියක් වූ බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසී ය.

පොහොට්ටුව නමින් කවුරුත් හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට රටේ පාලන බලය හිමි පක්ෂයයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka