ඩොලර් බිලියන 06 ක් උපයා ගැනීමට රටේ වටිනාම ඉඩම් 50 කට විදේශීය ආයෝජකයන් සොයයි.. වැලිකඩ බන්ධනාගාර, ගුවන් හමුදා මූලස්ථාන ඉඩම් ඒ අතර..
ඩොලර් බිලියන 06 ක් උපයා ගැනීම වෙනුවෙන් රටේ වටිනා ඉඩම් පනහකට වඩා වැඩි ප‍්‍රමාණයකට විදේශීය ආයෝජකයන් සොයමින් සිටින බව වාර්තා වේ.
මෙම ඉඩම්, කොළඹ, නුගේගොඩ, රාජගිරිය, වැලිකඩ, බත්තරමුල්ල, මහනුවර, නුවර එළිය සහ ඒකල ඇතුළු ප‍්‍රදේශවල පිහිටා තිබේ.
මෙම ඉඩම් විදේශීය ආයෝජකයන් වෙත ලබා දීමට සූදානම් වන්නේ 51% ක කොටස් රජය සතුවන පරිදි දියත්වන ව්‍යාපෘති වෙනුවෙනි.
කොළඹ කොටුවේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය ඕමාන ආයෝජකයෙකු ලබා ගැනීමට සූදානමින් සිටින බව මීට පෙර වාර්තා වූව ද එම ආයෝජකයා නොඑන බව වාර්තා වේ. ඒ අනුව, ආයෝජකයන් සොයන ඉඩම් අතරට එම ඉඩමද ඇතුළත් කර තිබේ.
ඊට අමතරව, වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම, අක්කර හතරක භූමියක් පුරා පැතිරි ඇති පිටකොටුව ලෝක වෙළද පොළ පිහිටි ඉඩම ද මෙම ඉඩම් අතරට අයත් ය.
-headlinenews
ඩොලර් බිලියන 06 ක් උපයා ගැනීමට රටේ වටිනාම ඉඩම් 50 කට විදේශීය ආයෝජකයන් සොයයි.. වැලිකඩ බන්ධනාගාර, ගුවන් හමුදා මූලස්ථාන ඉඩම් ඒ අතර..
2021-11-14T11:12:00+05:30
Gossip Lanka Hot News






