gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුණු පොහොර ගෙනා චීනා බෙල්ල මිරිකයි!. ඩොලර් අර්බුදය මැද තවත් මරාලයක්…

රට තුළ දැවැන්ත ඩොලර් අර්බුදයක් පවතිද්දී ව්‍යාධිජනක හේතුවෙන් ප්‍රතික්ෂේපිත, බලහත්කාරයෙන් මෙරටට ගෙනා චීන කාබනික පොහොර හේතුවෙන් සිදුවූ ඩොලර් මිලියන 8ක පාඩුව හවුලේ විඳීමට ශ්‍රි ලංකාවට සිදුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

මෙම පොහොර නිෂ්පාදනය කර මෙරට එවූ ක්වින්ඩාවෝ  සීවීන් බයෝටෙක් සමාගම  එක් අතකට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අනෙක් අතින් රජයට සිදු කරන දැඩි බලපෑම මත මෙම පොහොර නැව යළි රැගෙන ගොස් මෙරට අපේක්ෂා කරන ආකාරයේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල පොහොර ගෙන ආවොත් සමාගමට සිදුව ඇති පාඩුව ශ්‍රි ලංකා රජය හවුලේ විඳීමට එකඟතාව පළ කර ඇති  බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම ප්‍රතිචාරය දක්වා ඇත්තේ චීන පොහොර සමාගම දිගින් දිගටම චීන තානාපති කාර්යාලය හරහා සහ තනිවම කෘෂිකර්ම අමාත්‍යංශයට සිදුකරන දැඩි බලපෑම හමුවේ බව සඳහන් වේ.

මෙම සමාගම මීට දින කිහිපයකට පෙරද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේටත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂටත් ලිපියක් එවමින් බලකර ඇත්තේ ඔවුන්ට මෙම පොහොර සඳහා අවශ්‍ය වන මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 8න් මිලියන 5.6ක් එනම් සියයට 70ක් සමඟ නැව් ගාස්තු ලෙස ඩොලර් මිලියන 36ක් ඇතුළුව  ඩොලර් මිලියන 41ක් ගෙවිය යුතු බවය.

මීට අමතර ව චීන පොහොර සමාගම විසින් යොදන ලද තවත් කොන්දේසියක් වන්නේ මෙම පොහොර තොගය ශ්‍රි ලංකාව ප්‍රතික්ෂේප කළේ ආනයන බලපත්‍රයකින් තොරව ව මෙරටට ගෙන්වීම හේතුවෙන් පමණක් බවත් එහි ව්‍යාධිජනක පැවතීම හේතුවෙන් නොවන බවත් ප්‍රසිද්ධ නිවේදනයකින් රජය මඟින් ප්‍රකාශයට පත් කළ යුතු බවය.

මෙම දැඩි බලපෑම හමුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුගමගේ දැඩි ස්ථාවරයක සිටියද ඔහුට ද තවත් යම් යම් බලපෑම්වලට යටත්ව ක්‍රියා කිරීමට සිදුව  ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එයට හේතු වී ඇත්තේ මෙම පොහාර ගෙන්වීම පසුබස තවත් රටේ ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනකුද ගැවසීම බව පැවසෙන අතර කෘෂිකර්ම අමාත්‍යවරයා මේ සඳහා ප්‍රතිචාරයක් ලෙස සිදුව ඇති පාඩුව හවුලේ විඳීම කළ හැකි බවත් ඊට පෙර පොහොර තොගය යළි චීනයට රැගෙන ගොස් නියමිත ප්‍රමිතීන්ට අනුකූල පොහොර තොගයක් යළි මෙරටට ගෙන්වීමට කටයුතු කළ යුතු බවත් පවසා තිබේ.

කෙසේ වුවද භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදේශ සංචිත සම්බන්ධයෙන් දැඩි අර්බුදයක සිටින ශ්‍රි ලංකාවට මේ වනවිටත් රටට අවශ්‍ය අත්‍යවශ්‍ය අහාර  ද්‍රව්‍ය ගෑස් ඇතුළු භාණ්ඩ ආනයනය කිරීමට ප්‍රමාණවත් තරමින්වත් ඩොලර් ලබා දීමට නොහැකි තත්ත්වයක  පවතින අතරේ ප්‍රතික්ෂේපිත පොහොර තොගයක් වෙනුවෙන් ඩොලර් මිලියන 44න් යම් ප්‍රතිශතයක් හෝ ගෙවීමට සිදුවුවහොත් එය විශාල අපරාධයක් වනු ඇති බවය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka