gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුගදනවි ගිවිසුම ඇවිලේ… ජනපති අගමැති මුදල් ඇමති හා ආණ්ඩුවේ සෙසු පක්ෂ 11 කළ සාකච්ඡා අසාර්ථකයි!

ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන පක්ෂ 11ක නායකයන් යුග දනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ඊයේ (28 වැනිදා) රාත්‍රි පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28 වැනිදා) සවස 5.00 ට පමණ ආරම්භ කළ මෙම සාකච්ඡාව පැය හතරහමාරක් පමණ කාලයක් පැවැති අතර ඊට ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා සහභාගි වී තිබේ.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව දේශපාලන පක්ෂ 11ක නායකයන් මෙහිදී කරුණු දක්වා ඇති අතර සාකච්ඡාව දැඩි උණුසුම්කාරි ලෙස පැවැති බව ඊට එක්වූ පක්ෂ නායකයෙක් පැවසීය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු දේශපාලන පක්ෂ 11ක නායකයන්ට අමතරව නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන යන ඇමැතිවරු සහ පො.ජ.පෙ. ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

කෙසේ වෙතත් යුගදනවි ගිවිසුමට එරෙහිව පක්ෂ 11ක නායකයෝ අද (29 වැනිදා) සවස 3.00ට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර ඇති මහජන මන්ත්‍රණ සභා සැසිය පවත්වන බව ද පක්ෂ නායකයෝ පැවසූහ.

- අරුණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka