gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නියම කළ දඩමුදල් තවම ගෙවා නෑ… අයාලේ ගිය ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙනුත් එළියට!

එංගලන්ත සංචාරයේදී ජීව බුබුල බිඳිමින් අයාලේ යෑමට වරදකරුවන් වී වසරක තරග තහනමකට ලක්වූ නිරෝෂන් දික්වැල්ල , ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා පෙරේදා ( 27)   ආරම්භ වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කළද ඔවුන්ව ක්‍රීඩා සමාජ විසින් කණ්ඩායම් වලට ඇතුළත් කර නොමැති බව   වාර්තා වේ.

මොවුන් තිදෙනා දෙසැම්බරයේ පැවැත්වෙන LPL තරගාවලියට ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් මෙම තරග වලට සහභාගි වීමට බලාපොරොත්තු වුවද ක්‍රිකට් ආයතනය විසින් එයට අවසරය ලබා දී නොමැති බව ද කියැවේ.

එයට හේතුව වී ඇත්තේ පරීක්ෂණ කමිටුව විසින් මෙම ක්‍රීඩකයන්ට නියම කළ රුපියල් කෝටිය බැගින් වූ දඩ මුදල ක්‍රිකට් ආයතනයට මෙතෙක් ගෙවා නොමැති වීමය.

ධනුෂ්ක ගුණතිලක  හා කුසල් මෙන්ඩිස් එස්.එස්.සී ක්‍රීඩා සමාජයටත් නිරෝෂන් දික්වැල්ල එන්.සී.සී. ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසි තරුණ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කිරීම හේතුවෙන් මොවුන්ට නැවත කණ්ඩායමට තේරීම පහසු නොවනු ඇතැයි ද විචාරකයෝ පවසති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka