gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යුගදනවි ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ පක්ෂ 10 යළි හමුවෙයි! තවම ලියුම දීලත් නෑ!

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා අණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයෝ ලබන 05 වැනිදා විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට තීරණය කොට ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ ,ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න ,ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු සහ අතුරලියේ රතන හිමියෝ අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී එන පිරිස අතර වෙති .

මෙම පිරිස යුගය දනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහතා ද ඉකුත්දා හමු වූ නමුත් ,එකඟතාවකට ඒමට නොහැකි විය .

ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට පිරිස තිරණය කර ඇති අතර ,ජනාධිපතිවරයා ඉකුත් සති අන්තය වන තෙක්ම දිවයිනට නොපැමිණි නිසා ,ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් නොලැබිණි .

ජනාධිපතිවරයා ගෙන් සාකච්ඡාවක් ඉල්ලා යැවීමට සකස් කර තිබූ ලිපිය ද තවමත් යවා නැති අතර, කලින් සකස් කර තිබූ ලිපිය සංශෝධනය කර අනිද්දා දිනයේ දී ජනාධිපතිවරයාට යැවීමට නියමිත බව හවුල්කාර පක්ෂයක නායකයෙක් සඳහන් කළේය .


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka