එළියන්ත වයිට්ගේ පුතාගෙයි දුවගෙයි ආරක්ෂාවට පොලිසියේ 21ක් දුන්නේ කව්ද-කොහොමද? පොලිස් ඇමැතිට ප්‍රශ්නයක් (VIDEO)
කොරෝනා ආසාදනය වී අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ දියණිය සහ පුත්‍රයා ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 21 ක් දෙනෙකු දැනටත් අනුයුක්ත කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සඳහන් කරයි.
කාන්තා පොලිස් නිලධාරිනියන් 4 දෙනෙකු ඇතුළුව පොලිසියේ 21 දෙනෙකු මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ඒ වෙනුවෙන් නිදහස් කර ඇති බව ද ඔහු පැවසීය.
එසේ නිදහස් කර ඇති පොලිස් කණ්ඩායමේ නම් ලයිස්තුව තමන් සතුව ඇති බවත් පැවසූ ඔහු එම නිදහස් කිරීම සිදු කර ඇත්තේ කුමන පදනමකින්දැයි හෙලි කල යුතු බවත් සඳහන් කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එළියන්ත වයිට්ගේ පුතාගෙයි දුවගෙයි ආරක්ෂාවට පොලිසියේ 21ක් දුන්නේ කව්ද-කොහොමද? පොලිස් ඇමැතිට ප්‍රශ්නයක් (VIDEO)
2021-10-19T19:07:00+05:30
Gossip Lanka Hot News






