gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති තොණ්ඩමන් රාත‍්‍රියේ එයි.. නගර සභාවෙන් මුද‍්‍රා තැබූ ගොඩනැගිල්ල විවෘත කරයි

හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් විසින් (18 ) දින  මුද්‍රා තැබු ශාරිරික සුවතා මධ්‍යස්ථානයක් රාජ්‍ය අමාත්‍යය ජිවන් තොන්ඩමන් මහතා විසින් යලිත් (18) දින රාත්‍රියේ විවෘත කිරිමට පියවර ගෙන ඇත.

හැටන් දික්ඔය නගර සභාවට අයත් හැටන් ඩන්බාර් ක්‍රිඩාංගනය අසල පිහිටි ගොඩනැගිල්ලක ලංකා කම්කරු කොන්ග්‍රසයේ අධාර කරුවෙක් විසින් නගර සභාවෙන්  2021 වසර සදහා ටෙන්ඩර් පතකින් එම ගොඩනැගිල්ල  ලබා ගෙන එම ගොඩනැගිල්ලේ ශාරිරික සුවත් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබයි.

2021 වසර සදහා රුපියල් එක්ලක්ෂ දසදහසක මුදලකට ටෙන්ඩර් පතකින් එම ගොඩනැගිල්ල ලබා ගෙන, ටෙන්ඩර් පත ලබා ගත් අය විසින් නගර සභාව වෙත ගෙවිය යුතු අදාල මුදල මෙතෙක් නොගෙවා සිටිම නිසා එම ගොඩනැගිල්ලට මුද්‍රා තැබිමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් විසින් පියවර ගෙන තිබුනි.

ශාරිරික සුවතා මධ්‍යස්ථානය පවත්වාගෙන යන අය වසින් සිද්දිය සම්බන්දයෙන් රාජ්‍ය අමාත්‍යය ජිවන් තොන්ඩමන් මහතා වෙත දැනුම්දිමෙන් අනතුරුව එම ස්ථානය වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යය ජිවන් තොන්ඩමන් මහතා නගර සභාවේ නිලධාරින් එම ස්ථානයට කැදවා නගර සභාව වෙත ගෙවිය යුතු රුපියල් එක්ලක්ෂ දසදහසක මුදල  නගර සභා නිලධාරින් වෙත රාජ්‍ය අමාත්‍යය වරයා විසින් ගෙවිමෙන් අනතුරුව නගර සභා නිලධාරින් විසින් මුද්‍රා තැබු ගොඩනැගිල්ල යලි විවෘත කර දෙනු ලැබුහ.

මේ සම්බන්දයෙන් අප හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ශාරිරික සුවත් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට ගොඩනැගිල්ල ලබා ගත් අය විසින් සෞඛ්‍යය උපදෙස් මත මාස 10 ක පමණ කාලයක් ශාරිරික සුවතා මධ්‍යස්ථානය වසා දමා තිබු නිසා එම මුදල තමන්ට නගර සභාව වෙත  ගෙවිමට නොහැකි බව පවසමින් යලිත් (18) දින ශාරිරික සුවතා මධ්‍යස්ථානය විවෘත කර නිසා එම මුදල ගෙවන තෙක් නගර සභාවේ නිලධාරින් විසින් එම ගොඩනැගිල්ලට (18) දින  මුද්‍රා තැබු බවයි.

නගර සභාවෙන් බදු පදනම මත ගොඩනැගිල්ල ලබා ගෙන ව්‍යපාර කටයුතතු සිදු කර ගෙන යන ව්‍යාපාරිකයින් විසින් වෙලදසැල් වසා දමා තිබු කාලය සදහා සහනයක් ලබා දෙන ලෙස නගර සභාවෙන් ඉල්ලිම් කර ඇති බවත් ,ශාරිරික සුවත් මධ්‍යස්ථානය පවත්වාගෙන යන අය විසින් එවැනි ඉල්ලිමක් මෙතෙක් කර නොමැති නිසා නගර සභාවේ නිලධාරින් විසින් අදාල ගොඩනැගිල්ලට මුද්‍රා තැබිමට පියවර ගත් බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka