රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන දිවි රඟමඩලින් බැස යයි
ජනප්‍රිය හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණී විශාකා සිරිවර්ධනය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන විශාකා සිරිවර්ධන මහත්මිය සිනමාවට පිවිසියේ සිරි කුලරත්නගේ “අනුරාධා” චිත්‍රපටයෙනි.
“සනසන්න මා”, “සුර දුතියෝ” චිත්‍රපටවල ප්‍රධාන චරිත මෙන්ම “සසර චේතනා”, “සඳ මඩල”, “සත්‍යා දේවි” සහ “ඇහැළේපොළ කුමාරිහාමි” වැනි චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟපෑ ඇය සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.
ඇය ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු කුරුණෑගල දී අද (24) සිදුකිරීමට නියමිතය.
රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධන දිවි රඟමඩලින් බැස යයි
2021-10-24T12:16:00+05:30
Gossip Lanka Hot News






