ලංකා බැංකුව-මහජන බැංකුව කඩා වැටිමේ අවදානමක් - ගම්මන්පිල
මහා භාණ්ඩාගාරයෙන් සහනයක් නොලැබෙන්නේ නම්, ඕමානයෙන් ඉල්ලා ඇති ණය මුදල ලබා නො ලැබෙන්නේ නම් සහ සංස්ථාවට තවදුරටත් දරා ගත නොහැකි නම් ඉන්ධන මිල ඉහළ යාම අනිවාර්යෙන් සිදුවනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් ක්ෂණික ව එම මිළ වැඩි කිරීම සිදු නොකරන බවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ සිදුවනු ඇති බවත් ඔහු පවසයි.
ජනතාවට සහන දීම සේම තෙල් සංස්ථාව බංකොලොත් නොවී රැක ගැනීමද වගකීමක් බවද ඔහු යම් ලෙසකින් තෙල් සංස්ථාව බංකොලොත් වුවහොත් ලංකා බැංකුව සහ මහජන බැංකුව ද කඩා වැටුණු ඇති බවද කියා සිටියේය.
තෙල් සංස්ථාව විසින් දැනට ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් එම බැංකු දෙකට ගෙවීමට ඇති නිසා එකී අවදානම ඇති බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් ඉදිරි වසර සඳහා ඉන්ධන ගැනීමට ඔ්මාන ආණ්ඩුවෙන් ඩොලර් බිලියන 3.5ක ණය මුදලක් ඉල්ලා ඇති බවත් එය ලැබේවිද නොලැබීම නොදන්නා බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.
ලංකා බැංකුව-මහජන බැංකුව කඩා වැටිමේ අවදානමක් - ගම්මන්පිල
2021-10-15T10:54:00+05:30
Gossip Lanka Hot News






