ගුරු වර්ජනය අවසන් -අගමැති ලේකම්! වර්ජනය අවසන් නෑ -ජෝශප් ස්ටාලින්! (VIDEO)
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කිරීම සඳහා රජය ලබාදෙන විසඳුම පිළිබඳව අද (12) වෘත්තිය සමිති නියෝජිතයින් දැනුවත් කෙරිණ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කළේ, වර්ජනය නතර කිරීමට වෘත්තීය සංගම් නියෝජිතයින් මෙහිදී එකඟ වූ බවයි.
කෙසේ වෙතත් ගුරු වෘත්තීය සමිති සඳහන් කළේ, සිය වැටුප් ගැටලුව විසඳීම සඳහා රජය ලබාදෙන විසඳුම පිළිගන්නේ ද යන්න පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයින් හෙට දිනයේ රැස් වී සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන බවයි.
සාකච්ඡාවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ, වර්ජනය අවසන් කර නොමැති බවත් ගුරු – විදුහල්පති සන්ධානය ලෙස හෙට දිනයේ රැස්වී විධිමත්ව මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන බවත් ය.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, අද සාකච්ඡා වූ කරුණූ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල ඉදිරිය පිළිබඳව හෙට දවසේ තීරණයකට එළැඹෙන බවයි.
ගුරු වර්ජනය අවසන් -අගමැති ලේකම්! වර්ජනය අවසන් නෑ -ජෝශප් ස්ටාලින්! (VIDEO)
2021-10-12T20:42:00+05:30
Gossip Lanka Hot News





