සතොස සම්බන්දයෙන් පැවසෙන නොයෙක් කතා සහ සතොසේ නිලධාරියෙක් සිදුකරන ප්‍රකාශ සම්බන්දයෙන් අද පවතී කැබිනට් හමුවේදී අදහස් දැක්වූ ඇමති බන්දුල ගුණවර්ධන මහතා,
“සතොසේ සිදු වූ වංචා ගැන හොද පරීක්ෂණයක් පැමිණිල්ල ඉදිරිපත් කල අවස්ථාවේදීම සිදු කළා. නඩු කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීලා තියෙන්නේ. තවත් 4ක් මේවන විටත් අත්අඩංගුවට අරන්.
ඇමතිවරයා වශයෙන් මම හෝ මගේ දරුවෙක් හෝ මගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ කෙනෙක් මිට සම්බන්ද යැයි ඔප්පු වුනොත් මම දේශපාලනයෙන් සදහටම සමු ගන්නවා. කවුරු හෝ දන්නවා නම් විස්තර දෙන්න එක තමයි මේ වෙලේ කරන්න තියෙන්නේ. එමෙන්ම අදාල පුද්ගලයා නිකුත් කරන ප්‍රකශ සම්බන්දයෙන් ආරක්ෂක අමාත්‍යතුමාට උපදෙස් දුන්නා මේ ගැන සොයන්න කියලා කියලත්. එමෙන්ම රහස් පොලිස් සහ පොලිස් පරීක්ෂණ වලට අමතරව මේ වන විට අමාත්‍යංශය මට්ටමෙන්ද පරීක්ෂණයක් සිදුවන බවද ඇමති බන්දුල පැවසුවේය.
එමෙන්ම අදාල නිලධාරියා තමන්ගේ ජිවිතයට තර්ජනයක් ඇති බවට පවසා තිබිණි. “ඔහුට අනතුරක් වෙන්නේ නැති බවටත් ජිවිත තර්ජනයක් නැති බවත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ජන මාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ද පැවසුවේය.
ලක් සතොසේ සිදු වූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සිව්දෙනා ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔවුන් අද (12) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය කළේය. ලක් සතොසේ සිදු වූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ඊයේ (11) ඔවුන් අත්අඩංගුවට ගැණුනි.
එලෙස අත්අඩංගුවට ගැනුණේ ලක් සතොසේ මිලදීගැනීම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරීවරිය, ජ්‍යෙෂ්ඨ කළමණාකරු සැපයුම්, කළමනාකරු සැපයුම් සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකරුය.
