එකවරම මෝඩ විදියට රටම කාබනික කරන්න බෑ - කාබනික කෘෂිකර්මය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජික
මෙරට ගොවිතැන එකවර කාබනික පොහොර යොදා සිදු කල නොහැකි බවත් එසේ කරන්නේ නම් එය මෝඩ ක්‍රියාවක් බවත් බයෝටෙක් පුද්ගලික සමාගමේ සබාපති අචාර්ය සරත් රණවිර මහතා ප්‍රකාශ කරයි.
ඔහු පවසන්නේ මෙතෙක් ලෝකයේ කිසිම රටක් ඒ සදහා යොමුව නැති බවත් තමන් විසින් නිශ්පාදනය කරන කාබනික තේ සහ පලතුරු සදහා ජර්මනියේ ඉල්ලුමක් ඇති බවයි.
එහිදී වැඩසටහන මෙහෙයවූ චතුර අල්විස් විමසන ලද්දේ ජර්මනියේ අලෙවි කරන බයො ප්‍රොඩක්ස් පුද්ගලික සමාගමේ කාබනික තේ ඇතුලු නිශ්පාදන වල නිශ්පාදන සන්නාමය හෙවත් බ‍්‍රෑන්ඩ් එක කුමක්ද යන්නයි.
එහිදි සරත් රණවිර මහතා කියා සිටියේ බ‍්‍රෑන්ඩ් එකක් තවම තමාට නොමැති නමුත් තම නිශ්පාදන වෙනත් නම්වලින් යුරෝපා වෙලෙදපොල තුල තිබෙන බවයි.
සරත් රණවීර මහතා කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු වෙයි.
එකවරම මෝඩ විදියට රටම කාබනික කරන්න බෑ - කාබනික කෘෂිකර්මය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකා සාමාජික
2021-10-23T11:33:00+05:30
Gossip Lanka Hot News






