ජනතාව පෝළිමේ තියන එක හොදද.. මිල වැඩි කරලා හරි බඩු දෙන එකද වඩා හොඳ - රෝහිත
ජනතාව බඩු භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම තැබීම සහ මිල යම් ප්‍රමාණයකින් වැඩි කර හෝ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලබාදීම යන දෙකෙන් වඩා හොඳ දේ කුමක්දැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප‍්‍රශ්න කරයි.
සාකච්ඡාවක් අවසානයේ භාණ්ඩ මිල හා හිගතාවය ගැන මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙසේ සඳහන් කළේය.
“අපි කිව්වෙ පෝළිමේ මිනිස්සු තියෙනවාද, එහෙම නැත්නම් භාණ්ඩ ටික ගෙනල්ලා සාමාන්‍ය මිලකට එහෙම නැත්නම් මිනිස්සුන්ට දරාගන්න පුළුවන් මිලකට – මිල ටිකක් හරි වැඩිකරලා මේක දෙනවාද කියන එක. ඉතිං හොඳ දේ මොකක්ද ? පෝළීමේ තිබ්බාම මොකද වෙන්නෙ ? පෝළිමේ තියන එකට හරී ආසයි විපක්ෂය. මොකද එතකොට කිසී ප්‍රශ්නයක් නෑ, හොඳට ආණ්ඩුව විවේචනය කරන්න පුළුවන්”
ජනතාව පෝළිමේ තියන එක හොදද.. මිල වැඩි කරලා හරි බඩු දෙන එකද වඩා හොඳ - රෝහිත
2021-10-11T19:06:00+05:30
Gossip Lanka Hot News





