gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කැරලිකාර පිල අද ජනපතිගෙන් තදින් ප්‍රශ්න කරන්න යයි! ඩිනර් එකත් වර්ජනය කරන ලකුණු!

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිත ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීන්දුව පිළිබදව දැඩිව ප්‍රශ්න කිරීමට ආණ්ඩුවේ කැරලිකාර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

ඊයේ පාර්ලිමේන්තූ මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ නිවසේ පැවැති සාකච්ජාවකදී එම කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මෙම පිරිස යුගදනවි බලාගාරය පිළිබද සාකච්ජා කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළද ජනාධිපතිවරයා පිළිතුරු ලිපියකින් දැනුම් දී තිබුණේ ඒ පිළිබදව අගමැතිවරයා හා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ජා කරන ලෙසය.

එම ප්‍රතිචාරය පිළිබදව දැඩි අසතුට පළ කරන මෙම කණ්ඩායම අද කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබදව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට තීන්දු කොට ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් ලබා දීමට නියමිත රාත්‍රී භෝජන සංග්‍රහයද මෙම පිරිස විසින් වර්ජනය කිරීමේ තත්ත්වයක් මතුව ඇති බවද දැනගන්නට තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka