gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"දැන් ගහන්නේ පඹයන්ට... ඉස්සරහට ජීවමාන අයටත් ගහයි!" - ආණ්ඩු ප්‍රබලයාගේ අනතුරු ඇඟවීම!

ඉටුකළ නොහැකි දැවැන්ත  පොරොන්දු ජනතාවට දිමේ ප්‍රතිවිපක රජය මේ වනවිට මුහුණ දි සිටිනවා යැයි  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසනවා.

දැන් පහරදෙන්නේ  මැති ඇමැතිවරුන්ගේ නායකයින්ගේ පඹයන්ට බවත්  රජයක් වශයෙන් නිවරදි  තින්දු තිරණ නොගතහොත් නුදුරේදි ජිවමාන උදවියටත් ඒ පොලුපහර කන්නවේවි යැයිද මන්ත්‍රිවරයා සදහන් කළා.

ඊයේ ගාල්ලේ දි  (23) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

ජනතාවට ඉටකරන්න බැරි  බලාපොරොත්තු දෙන, ඉටුකරන්න බැරි විශාල සිහින පෙන්වන කුමන රජයක් බලයට ආවත්  එවා නැවැත්විය යුතුයි බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.

ජනතාවට විනිවිදව උත්තරදිමට හැකි අකාරයට තින්දු තිරණ ගත හැකි, මිනිසුන්ට ඇත්ත කියන්න යථාර්වාදිව කරුණු පැහැදිලිකරන්න රජය කටයුතු කළයුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

මන්ත්‍රිවරුන්ට ඇමතිවරුන්ට වඩා  ජනතාව බුද්ධිමත්, රජයක් හැටියට ඇත්ත ඇති සැටියෙන් ජනතාවට කිවයුතු යැයිද ඔහු පවසා සිටියා.

 මේ අවස්ථාවේ දි ජනතාවට දැනෙන ප්‍රධාන  ප්‍රශ්නය තමයි ජිවත්විමේ ප්‍රශ්නය, ජිවන වියදම් ප්‍රශ්නය බවත් ජිවන වියදම අතිවිශාල ලෙස වැඩිවී ඇති බවත් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පවසා සිටියා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

“...නොසිතුලෙස ගෑස්මිල දෙගුණයක් වුනා. තේ කොප්පයේ සිට බත්පැකැට්ටුව දක්වා මිලවැඩි වුනා. පොහොර නොමැතිකම නිසා ගොවින් අසරණ වෙලා.  තේ ගොවින්ගේ අස්වැන්න සියයට පනහකින් පමණ අඩුවෙලා. එළවළු ගොවින්ගේ අදායම අඩුවෙලා. සංචාරක කර්මාන්තයේ නිරතවුවන්ගේ රැකියා අහිමිවෙලා.

 ජිවන වියදම් ප්‍රශ්නයට විසදුමක් ලබාදිම රජය හමුවේ තියෙනවා. ලෝකයේ වෙනස්වන තෙල්මිල සමග අපිත්මිල වෙනස්වන යාන්ත්‍රණයක් සුත්‍රයක්  ඉදිරිපත්කළ යුතුයි කියා රජය මේ අවස්ථාවේ දි කිවහොත්  ජනතාව එය පිළිගන්නේ නැහැ.

ජනතාව අපිට වෛරකාරවි. සමච්චලයට ලක්කාරාවි. මිට මාස  කිහිපයකට පමණ කලින් ලෝකයේ අවම තෙල්මිල වාර්තා වන විට අපි රජය හැටියට කිවා තෙල්මිලෙන් ලබන ලාභය අනාගතයේ තෙල්මිල වැඩිවු අවස්ථාවක ජනතාවට සහන ලබාදිම සදහා ඉතිරිකිරිමේ වැඩපිළිවෙළක් රජයට තියෙනවා කියලා.

අද ඒ සහනය ලබාදේවි කියලා  ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

(ලලිත් චාමින්ද - ගාල්ල)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka