gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොළඹ පෝට් සිටියේ මුල්‍ය විශුද්ධිකරණය ඇතුළු නීති විරෝධී කටයුතු - ඇමරිකා තානාපතිනි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද වරාය නගර පනතේ ඇතැම් කරුණු පිළිබඳව ඇමරිකාව තවදුරටත් සැලකිල්ලෙන් පසුවන බව මෙරට එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් ප්‍රකාශ කර ඇත.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව ඇති පුද්ගලයන්ට, නීතිවිරෝධී මූල්‍යකරණ කටයුතුවලට සහ මුදල් විශුද්ධිකරණයට වැනි නීතිවිරෝධී කටයුතුවලට මෙම පරිසරය විවෘතව පවතින බවත් තානාපතිනිය සඳහන් කර තිබේ.

උපායමාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය සමග ඊයේ (07වැනිදා) පැවති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය.

‘‘එක්සත් ජනපද සමාගම් ඒ ගැන ප්‍රවේශම් විය යුතුයි. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අදහස් කරන ඇමරිකානු සමාගම්වලට තමා ආයෝජනය කරන පරිසරය ගැන පැහැදිලි අවබෝධයක් අවශ්‍යයි. ඔවුන් ආයෝජනය කරන්නේ යම් නියාමන ආයතනවලින්, කොටස් හිමියන්ගෙන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලින් තමන්ට ගැටලුවක් ඇතිවේදැයි යන්න මෙන්ම තමන්ට අවදානම්වලට මුහුණ දීමට සිදුවේදැයි දැන ගැනීමට අවශ්‍යයි. ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඕනෑම විදේශීය නිලධාරියකුට යම් මුදලක් ගෙවීමට පොරොන්දු වීම එක්සත් ජනපදයේ විදේශ දූෂණ පනත (FCPA) යටතේ නීතිවිරෝධී කටයුත්තක්’’ යැයි තානාපතිනිය සඳහන් කර තිබේ.

මෙතරම් විශාල යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නීති හා රෙගුලාසි නිසි පරිදි සකස් කිරීම අතිශය වැදගත් බවත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් හා අසාධාරණ තරග සඳහා දොර විවෘත නොමැති බවට ශ්‍රී ලංකාව සහතික වීම වැදගත් බවත් තානාපතිනිය එහිදී වැඩිදුරටත් පවසා ඇත.

– aruna


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka