gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැන්ඩෝරා කලබල අස්සේ පැනමා කතාවකුත් එළියට එයි - විද්‍යා අමරපාල නිවේදනයකුත් නිකුත් කරයි!

සිය නම පැනමා ලේඛනවල සටහන්ව තිබුණේ නැති බවත්, සිය නම හිතාමතාම කිසියම් පිරිසක් විසින් එම සිදුවීවලට පැටලවූ බවත්, මෙය තමන්ට එරෙහිව සිදු කළ ද්වේශසහගත කුමන්ත්‍රණයක් බවත් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති සහ මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ හිටපු උපදේශක විද්‍ය අමරපාල මහතා සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දී තිබේ.

එම නිවේදනය මෙසේය.

‘විද්‍යා අමරපාල වන මම පසුගිය රජය යටතේදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවයා සහ මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ධුරය යන තනතුරු දැරූ අතර, මෙම ප්‍රකාශය ලියා තබන්නේ වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කිරීම සඳහාය. මා සතු යැයි පැවැසෙන අසත්‍ය විදේශ බැංකු ගිණුම් කිහිපයක් ගැන මින් පෙර මා හට චෝදනා නැඟුණු අතර, ඒ තොරතුරු කිසිවක් සත්‍යයක් නොවූ බවට සාක්ෂි සහිතව ඔප්පු විය. වසර කිහිපයකට පෙර සිදුවූ මෙම සිදුවීම නැවත ප්‍රත්‍යාවර්තනය වෙමින් ඇති අතර, එහෙයින් නැවත මෙම සිදුවීම ගැන මම අවධානය යොමුකර සිටිමි. එම රජය සමයේදී යම් රාජ්‍ය විරෝධී පාර්ශ්ව විසින් පෞද්ගලික ද්වේශය සහ වෛරය උදෙසා මට එරෙහිව මෙම චෝදනා ගෙන ආවේය. ඔවුන් තමන්ගේ දේශපාලන වාසි තකා මෙවැනි ක්‍රියාවක් සිදු කළේය. අවසානයේදී රටේ නීතිය ස්ථාපිත කරන ආයතනවලින් මෙන්ම ස්වාධීන අධිකරණයෙන්ද මට එරෙහි එම චෝදනාව පදනම් විරහිත, ද්වේශසහගත ඒවා ලෙස තීන්දු කෙරිණි.

මම වෘත්තීය ඉන්ජිනේරුවරයකු වන අතර මාගේවිශේෂිත ක්ෂේත්‍රයන් වන්නේ පුනර්ජනනීය බලශක්තිය සහ සංස්ථාමය පරිපාලනයයි. මම 2012 වසරේ සිට ලෝක පුනර්ජනනීය බලශක්ති කොන්ග්‍රසයේ අධ්‍යක්ෂ සහ මණ්ඩල සාමාජිකත්වය Director/Council member of the world Renewable Ecergy Congress දරන අතර, 2015 වසරේ සිට ලෝක පුනර්ජනනීය බලශක්ති ජාලයේ උපදේශකවරයකු World Renewable Energy Network-Advisor ලෙසද කටයුතු කරමින් සිටිමි. එසේම මම වර්තමානයේ එංගලන්තයේදී දර්ශනවේදී පර්යේෂණ වැඩසටහනකද නිරත වෙමින් සිටිමි. මම 2000 වසරේ සිට 2010 වසර දක්වා අයි.ඩබ්ලිව්.එස්. හෝල්ඩින්ග්ස් IWS Holdings සමාගමට සේවය කරන අතර, එම සමාගමට අනුබද්ධිත වූ සිංගප්පූරුවේ පිහිටි ‘සවරින් කැපිටල් කෝපරේෂන්’ Sovereign Capital Corporation විදේශ සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස මම කටයුතු කළෙමි.

2010 වසරේද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට පත්කරන ලදී. එම තනතුර ලද වහාම මම IWS Holdings සමාගමෙහි විදේශ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වුණෙමි. මා නිතර අගය කරන වෘත්තීය ඒකාග්‍රතාවයේ ප්‍රතිපත්තිවලට ගරුකිරීම සඳහා මම එලෙස සිදු කළෙමි. පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද විසින් නිරන්තරයෙන් ගරු කරනු ලබන අවංකත්වය සහ විනිවිදභාවය උදෙසාද මම අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුය. මෙවැනි වටපිටාවක් ගලා යන අතරතුරදී මා හට මෙම විදේශ බැංකු ගිණුවේ චෝදනාව ගෙන එන ලදී.

මෙම සිදුවීම මම මෙලෙස බොහෝ නිරවද්‍ය ලෙස පැහැදිලි කර සිටිමි.2016 වසරේදී විදේශයකින් ප්‍රකාශයට පත් කෙරුණු ‘විකිලීක්ස්’ මගින් හෙළි කෙරුණු ‘පැනමා පත්‍රිකා’වල Panama Papers Leaked by Wikileaks මාගේ නම කිසිදු විටෙකවත් සඳහන් වූයේ නැත. මෙම ප්‍රකට ආන්දෝලනාත්මක ‘පැනමා පත්‍රිකා’ නොහොත් ‘පැනමා ලේඛන’ මගින් ප්‍රකාශ කර තිබුණේ විදේශ බැංකු ගිණුම් හිමි විවිධ රටවල සිටින පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවකි.

කෙසේ හෝ එකල ශ්‍රී ලංකා ජනමාධ්‍යයෙහි සිටි යම් දේශපාලනිකව පොළඹවන ලද මාධ්‍යවේදීන් පිරිසක් විසින් මෙම සිදුවීම වැරැදිසහගත ලෙස අර්ථකථනය කර දක්වන ලදී. එනම් 2016දී පළ කෙරුණු විදේශ ගිණුම් හිමියන්ගේ Offshore Account Holders ලැයිස්තුවත් සමග 2013 වසරේදී එම විකිලීක්ස් මගින්ම පළ කෙරුණු ‘විදේශ අධ්‍යක්ෂවරුන්ගේ’ Offshore Directors ලැයිස්තුවක තොරතුරුත් ප්‍රකාශයට පත් කෙරිණි. මෙහිදී මාධ්‍යකරුවන් සිදුකළේ සිතාමතාම මෙම ලේඛන දෙක එකට එකතු කර ජනතාව නොමඟ යවන තත්ත්වයකට පත්කරමින් ප්‍රකාශයට පත් කිරීමය. මාගේ නම අන්තර්ගතවී තිබුණේ විදේශ අධ්‍යක්ෂවරුන්ගේ ලැයිස්තුවේ පමණක් වන අතර විදේශ ගිණුම් හිමියන්ගේ ලැයිස්තුවේ අන්තර්ගත නොවීය. මෙහිදී මෙම පිරිස් සිදුකළේ සිතාමතාම අවුලක් සහ ව්‍යාකූලත්වයක් ඇතිකිරීමය.

2003 – 2010 අතර කාලය තුළදී මම සිංගප්පූරුවේ සමාගමට සේවය කළ අතර, විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට පත්වූයේ ඉන් පසුවය. මෙම සිදුවීමට අදාළව එකල මට එරෙහිව විමර්ශනයක් සිදුකෙරුණු අතර, එහිදී මම විමර්ශන නිලධාරීන්ට මාගේ සහාය උපරිමව ලබාදෙන ලදී. ස්වාධීන පරීක්ෂණ දෙකක් මෙහිදී සිදුකෙරුණු අතර, එහිදී හෙළිවූයේ මෙම සිදුවීම මට එරෙහිව ද්වේශසහගතව නිර්මාණය කරන ලද එකක් බැව්ය. එම සාධක සහ තොරතුරු අවධානයට ගත් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය 2019 වසරේදී අදාළ නඩුව ඉවත දමන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka