gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජ්‍යෙෂ්ඨ පොලිස් ලොක්කෙකුගෙන් පොලිස් නිලධාරිනියන්ට ලිංගික පීඩා.. පටිගත කර අන්තර්ජාලයට දමයි

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ ක්‍රියාකලාපය නිසා පොලිස් නිලධාරිනියන් අපහසුතාවට පත් වී ඇති බව වාර්තා වෙයි. මෙම උසස් නිලධාරියාගේ ඇස ගැටෙන සෑම නිලධාරිනියක්ම ඔහුගේ ලිංගික ගොදුරක් බවට පත් නොවුණහොත් එම නිලධාරිනියන්ට අනේක විධ අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම උසස් නිලධාරියාගේ ලිංගික අඩන්තේට්ටම් ඉවසා දරා ගැනීමට නොහැකි වූ එක් නිලධාරිනියක් ඔහුගේ එම දුරකථන සංවාද පටිගත කොට අන්තර්ජාලයට මුදා හැරියද පොලිසියේ අනෙකුත් උසස් නිලධාරීන් එයට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

දේශපාලන බලවත්කම මත මෙම උසස් නිලධාරියා මෙලෙස කටයුතු කරන බව සෙසු නිලධාරීන් පවසා සිටී. මේ වන විට පොලිස් නිලධාරිනියන් රැසක් මෙම චෝදනාවට ලක්වන උසස් නිලධාරියාගේ අඩන්තේට්ටම් ඉවසා ගැනීමට නොහැකිව පොලිසිය අතහැර ගොස් ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. එක් පොලිස් නිලධාරිනියක් සේවය අතහැර ගොස් ඇත්තේ මෙම නිලධාරියාගෙන් ලැබුණු දරුවෙක්ද සමගින් බවද වැඩිදුරටත් කරුණු අනාවරණය වී ඇත.

මෙම චෝදනාවට ලක්වන උසස් නිලධාරියා දේශපාලන පළිගැනීමේ ලැයිස්තුවේද ඉහළින්ම සිටින චරිතයකි. එසේ දේශපාලන පළිගැනීම් ලැයිස්තුවේ ඔහුට පළිගැනීම් හේතු වශයෙන් දක්වා ඇත්තේ නැගෙනහිර පළාතේ සිට උතුරු පළාතට මාරු කිරීම දේශපාලන පළිගැනීමක් බවය. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ නැගෙනහිර පළාතේ සිටින අවධියේදී කාන්තාවකගේ පශ්චාත්භාගය ස්පර්ශ කිරීම නිසා මොහුට එම ස්ථාන මාරුවීම ලැබුණු බවය. හඬපට සියල්ලක් පොලිසියේ උසස් නිලධාරීන් අතට ලැබුණද ඔවුන් සියල්ලන්ම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි දැයි සෙසු පොලිස් නිලධාරීන්ට ප්‍රහේලිකාවක් මතුවී තිබේ.

පොලිස් නිලධාරිනියන්ගේ කන්‍යාභාවය පවා විමසමින් ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පොලිස් කාන්තාවන්ගේ සේවය ස්ථිර කරදෙන බව පවසා කාමරවලට උත්සාගෙන යාමට කරන අනඟ රැඟුම් රැසක් ගැන දැන් හඬපට නිකුත්ව හමාරය.

– Aruna


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka