gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව රජය කියයි

සියළුම පාසල් වල සිසු සිසුවියන්ට මේ වසර අවසන් වන විට එන්නත ලබා දි ලබන වසරේ මුල සිට රට සම්පුර්ණයෙන්ම විවෘත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ (29) දින නාවලපිටිය ශ්‍රි  පාද පිරිවෙන් විහාරස්ථානයේ ඉදි කිරිමට යෝජිත දාහත් රියන් බුබුලාකාර ධාතු මන්දිරයක් සහිත ස්ථුපයේ ඉදි කිරිම් අරම්භ කිරිමේ අවස්තාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුතගමගේ මහතා කියා සිටියේ ලෝක කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්ත සම්පුර්ණයෙන්ම කඩා වැටිම නිසා රටේ ආදායම් තත්ත්වය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇති බවයි.

එවැනි තත්ත්වයක් මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව අනෙකුත් රටවල් වලට සාපෙක්ෂව මේ රටේ බහුතර පිරිසකට එන්නත්කරණය සිදු කර ඇත.

කුමන බාධක පැමිණියද රටේ ආර්ථිකය ඉහල දමමින් රටේ සංවර්ධන කටයුතු එලෙසෙම සිදු කරන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka