ඇමරිකා ලොක්කෙක් පුද්ගලික ගුවන් යානයෙන් ලංකාවට.. රහස් ගිවිසුමක් ගහන්නලු.. විරෝධතා කැදවයි!
ඇමරිකානු සමාගමක් සමඟ මෙරටට හානි කරන බරපතළ ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි. ඇමෙරිකානු සමාගමේ ප්‍රධානියා තමන්ගේ පෞද්ගලික ගුවන් යානයකින් ගිවිසුම් අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනුම් දී ඇතැයිද ඔවුන් කියා සිටිති.
මෙසේ අත්සන් කිරීමට යන්නේ පසුගිය සැප්තැම්බර් 17 දා කැබිනට් මණ්ඩලයට නොදන්නවා අස්සන් කරන ලද ගිවිසුමේ තවත් දිගුවක් බව ද එම සන්ධානයේ ලේකම් රන්ජන් ජයලත් මහතා සඳහන් කරයි.
ඇමරිකානු නිවු ෆෝට‍්‍රස් එනජි සමාගමේ ප්‍රධාන විධායකයා එසේ ලංකාවට එන බව දැන ගන්නට ඇති බවත් ආණ්ඩුව ඒ ගැන නිශ්චිත උත්තරයක් දීමට අපොහොසත් වන්නේ නම් විදුලිබල මණ්ඩලයේ සමස්ත වෘත්තීය සමිති එක් කරගෙන දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් අරඹන බවද හෙතෙම සඳහන් කළේය.
මෙය විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නොව ජාතික ආරක්ෂාවට බලපාන ගැටළුවක් බවත් ඔහු කියා සිටී.
-lankacnews
ඇමරිකා ලොක්කෙක් පුද්ගලික ගුවන් යානයෙන් ලංකාවට.. රහස් ගිවිසුමක් ගහන්නලු.. විරෝධතා කැදවයි!
2021-10-13T09:53:00+05:30
Gossip Lanka Hot News





