gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සියක් නමක් එක්ක නාමල් එන පෝයට ඉන්දියාවට!

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමේ උත්සවය සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඔක්තෝම්බර් 20 වන පුර පසළොස්වක පොහෝදා පිටත්වීමට නියමිතය.

මෙම ගමන සඳහා භික්ෂූන් වහන්සේලා සියයකට වැඩි පිරිසක්ද සම්බන්ධ වීමට නියමිතව ඇත. ඇමති නාමල් රාජපක්ෂට අමතරව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමති ජීවන් තොණ්ඩමන්, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් රැසක්ද මෙම ගමනට එක්වීමට සූදානමින් සිටිති.

බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ ස්ථානය ලෙස සැලකෙන කුෂිනගර් වන්දනාකරුවන්ගේ වැදගත් ගමනාන්තයකි. මෙම ගමන සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ආරාධනා ලැබී තිබෙන්නේ පසුගිය වසරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ දෙදෙනා අතර ඇති වූ සාකච්ඡාවලින් අනතුරුවය.

-lankatruth


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka