"දැන් සැපද" අදට වලංගු නැහැ... අපි විතරද එංගලන්තේත් හාමතේ - පොහොට්ටු ලේකම්
පසුගිය යහ පාලන ආණ්ඩු සමයේ වත්මන් අග්‍රාමාත්‍යවරයා ගෑස් මිල පෙන්වා දැන් සැපද කියා ඇසූ අයුරු අද දවසත් සමග සමග සංසන්දනය නොකරන ලෙස පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා ඉල්ලා සිටිනවා.
පසුගිය ආණ්ඩුවට මහින්ද රාජපක්ෂ රජය බාර දුන්නේ යුද්ධය අවසන් කොට ආර්ථික දර්ශක ඉහළ තලයක තිබුණු හොඳ රටක් බව මීට හේතුව ලෙස ඔහු පෙන්වා දෙනවා.
යහ පාලනයට තිබූ වාසිය
යහ පාලන ආණ්ඩුව රට පාලනය කළේ ලෝක වෙළෙද පොලේ අත්‍යවශ්‍යය භාණ්ඩ ඉතා අඩු මිලට තියෙන කාලයක බවත් මහ ලේකම්වරයා අවධාරණය කරනවා.
අපේ පමණක් නොව එංගලන්තයේ පවා බඩු භාණ්ඩ ගැනීමට නොහැකිව , තෙල් ගැනීමට නොහැකිව පෝලිම්වල සිටින අයුරු අද දක්නට තිබෙන බවයි මහ ලේකම්වරයා විශේෂයෙන්ම පෙන්වා පෙන්වා දෙන්නේ.
එම තත්ත්වය තුළ එංගලන්තයේ ජනතාවට කන්න බොන්න පවා බඩු නැති පසුබිමක් ඉස්මතු වී තිබෙන බව සඳහන් කරන මහ ලේකම්වරයා එය ගෝලීය වියසනයත් සමඟ ඇති වූ විශේෂ තත්ත්වයක් බවයි පෙන්වා දෙන්නේ.
සති දෙකකින් අමතක වීම
අපේ රටේ ජනතාවට ඕනෑම දෙයක් මතක තිබෙන්නේ සති දෙකකට බව හිටපු පාලකයන් කියා තිබෙන බවත් ඔහු මතක් කර දෙනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි වීම ගැන ආණ්ඩුව තුළ කැමැත්තක් නැති බවත් ලේකම්වරයා සඳහන් කරනවා.
පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඒ මහතා මේ අදහස් පළ කළේ පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී නැගුණු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.
"දැන් සැපද" අදට වලංගු නැහැ... අපි විතරද එංගලන්තේත් හාමතේ - පොහොට්ටු ලේකම්
2021-10-12T12:44:00+05:30
Gossip Lanka Hot News






