gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආරක්‍ෂක අමාත්‍යංශ ටෙන්ඩරයක් හොර පාරේ වලි මොහොමඩ් සමාගමට!

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඔ 01

ගරු ජනාධිපතිතුමනි,

ආරක්ෂක අමාත්‍යාංශයේ ටෙන්ඩර්පත් අංක MOD/TRI/01/2020 සම්බන්ධව.

2020 ඔක්තෝබර් 25 වන දින ආරක්ෂක අමාත්‍යාංශය විසින් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සදහා පදක්කම් මිලදී ගැනීම සදහා අංක MOD/TRI/01/2020 යටතේ ටෙන්ඩර්පත් කැදවා ඇත.

ඒ අනුව සමාගම් හතරක් ඒ සදහා ටෙන්ඩර්පත් යොමු කර ඇත. එම ටෙන්ඩර්පත් තාක්ෂණික කමිටුවක් මගින් සළකාබලා එම සමාගම් අතරින් සුදුසුකම් සපුරා නොමැති සමාගමක් වන M.H. Wali Mohammed and Company සමාගම ඉවත්කොට ඇත.

එසේ ඉවත් කිරීමට හේතුවී ඇත්තේ අදාල සමාගම දේශීය බදු ඇතුලත්ව තම මිලගණන් ඉදිරිපත් නොකිරීමේ හේතුව මත හා ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සදහා අවශ්‍ය වන මූලික සුදුසුකමක් වන රුපියල් මිලියන 600 ක් හෝ ඊට සමාන පිරිවැටුමක් පසුගිය වසර 03 තුළ සපුරා නොමැති වීම නිසාය.

එහෙත් තාක්ෂණික කමිටුව විසින් ඉවත් කර ඇති සමාගම වෙත මෙම ටෙන්ඩරය පිරිනැමීම සදහා කටයුතු කරගෙන යන බවට අප වෙත දැනගැනීමට ලැබී ඇත.

පවතින නීති රීති උල්ලංඝණය කරමින් අදාල සමාගම වෙත උක්ත ටෙන්ඩරය පිරිනැමීම දූෂණයක් වන අතර මේ පිළිබදව නිසි පරීක්ෂණයක් සිදු කර මූළික සුදුසුකම් සපුරා නොමැති එම සමාගම වෙත උක්ත ටෙන්ඩරය පිරිනැමීම නැවැත්වීම සදහා කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

මීට විශ්වාසී,

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka