gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨා එන්න කියපු රැස්වීමට ආපු නැති ගණන 52ක්! මෛත්‍රී-විමලුත් රැස්වීම මගඇරලා!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පෙරේදා (24 වැනිදා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රිවරුන් පනස් දෙදෙනෙකු පැමිණ නැති බව අනාවරණය වේ.

ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබාදෙන මන්ත්‍රිවරු එකසිය පනස් නවයක් සිටිති.

එම පිරිසෙන් මන්ත්‍රිවරුන් පැමිණ ඇත්තේ එකසිය හතක් පමණක් බව පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාල වාර්තා සඳහන් කරයි.

නොපැමිණි මන්ත්‍රිවරුන් පනස් දෙදෙනාගෙන් විසිදෙනෙකු පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇත.

නොපැමිණි මන්ත්‍රිවරුන් අතර හිටපු ජනාධිපති ​මෛත්‍රිපාල සිරිසේන සහ විමල් වීරවංශද සිටින බව අනාවරණය වේ.

මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගැටලු පිළිබඳ සාකච්ඡා කළද මුදල් ඇමැතිවරයා බැසිල් රාජපක්ෂ කිසිවක් ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයක් බව මන්ත්‍රිවරුන් පවසති. 

-අරුණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka