අද (15) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව වීඩියෝ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ රැස්වී ඉදිරි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වන පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා වෙනතුරු දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇති බව සඳහන්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලු පළාත් මයිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරික්ෂාවට ලක් කරන ලෙස ආරක්ෂක අංශ වෙත නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.
ලබන 19 සහ 20 යන දිනවල යෙදී ඇති නිවාඩු දින සමඟ දිර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් මෙම තීරණය ගෙන තිබුණා.
