gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස් කෙරේ!

දිවි නැගුම නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැගුම හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් කිත්සිරි රණවක නිදහස් කොට තිබෙනවා.

කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබෙන්නේ.

මෙම තීන්දුව ලබාදී තිබෙන්නේ නීතිපතිවරයා විසින් අදාළ චෝදනා ඉවත්කර ගැනීම නිසා බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ  දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු ට අයත් රුපියල් 36,509,124/- ක මුදලක් වැයකොට ජී.අයි. පයිප්ප බට මිලදී ගෙන දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් එම මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීම පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළ බවට මීට පෙර බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණා.

මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ අද (15) දිනයේ දී මෙම නඩුව කැඳවා තිබුණා.

නඩුවේ කරුණු හා එම නඩුවේ කරුණු බොහෝ දුරට සමාන හා සමාන්තර බැවින් එම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට විත්තියේ පාර්ශ්වය විසින් නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවද මෙහිදී ප්‍රකාශ වී තිබුණා.

ඒ අනුව  අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194(3) වගන්තිය යටතේ අදාළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට ගැනීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා විසින් අවසර ඉල්ලා තිබුණා.

අධිකරණය විසින් එම ඉල්ලීම පිළිගත් අතර චෝදනා පත්‍ර ඉල්ලා අස්කරගැනීමෙන් පසුව විත්තිකරුවන් දෙදෙනාව නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කළා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka