ඉස්ලාම් අන්තවාදීන් පුනරුත්තාපනය කරන්න හැදුවෙ, ඒත් කාදිනල් හිමිගෙ බලපෑම් නිසා ඒක වැළකුණා - ආරක්ෂක ලේකම්
මීට වසර එකහමාරකට පමණ පෙර, ඉස්ලාම් අන්තවාදීන් පුනරුත්තාපනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට උත්සාහ දැරූ නමුත් එල්ල වූ බලපෑම් හමුවේ එහ අකුළා ගැනීමට සිදු වූ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
එම වැඩපිළිවෙළ අකර්මන්‍ය වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයාගේ බලපෑම මූලිකවම හේතු වූ බවයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී පුද්ගලයන් පුනරුත්තාපනය කළ හැක්කේ කෙසේදැයි කාදිනල්වරයාගේ පාර්ශ්වයෙන් ගැටලු මතුකළ බවත්, එම තත්වය හමුවේ ඉස්ලාම් අන්තවාදීන් පුනරුත්තාපනය කිරීම අතහැර දැමීමට සිදු වූ බවත් කමල් ගුණරත්න මහතා පෙන්වා දෙනවා.
ඊයේ රාත්‍රී රූපවාහිනී වැඩසටහනකට සහභාගිවෙමින් ඔහු මෙම කරුණු සඳහන් කළේය.
ඉස්ලාම් අන්තවාදීන් පුනරුත්තාපනය කරන්න හැදුවෙ, ඒත් කාදිනල් හිමිගෙ බලපෑම් නිසා ඒක වැළකුණා - ආරක්ෂක ලේකම්
2021-10-05T14:10:00+05:30
Gossip Lanka Hot News






