නිවාස අධිකාරියේ සභාපති පොලිසියයි මැර කණ්ඩායමකුයි යවලා ආයෝජකයකුගේ කොළඹ ඉඩමක් අල්ලපු හැටි - (video)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පොලිසිය සහ මැර කණ්ඩායම් යොදා ගනිමින් කොළඹ වටිනා ඉඩම් අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ නීත්‍යානුකූල අයුරින් ආයෝජකයන්ට පවරා දුන් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම හරහා ආයෝජකයන් ලංකාවට නොපැමිණීමේ අවදානමක් මතුව ඇති බවකි.
මෙහිදී ඩාලි පාරේ ඉඩමක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ මන්ත්‍රීවරයා මුලින්ම මෙම ඉඩම අවසතු කිරීමට ෆේරියල් අෂ්රොෆ් මහත්මිය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට ඇති බවත්, පසුව විමල් වීරවංශ අමාත්‍යවරයාද ඊට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට එය ඉදිරියට රැගෙන ගොස් ඇති බවකි.
පසුව සජිත් ප්‍රේමදාස මහතා එමගින් රජයට අත්පත් කර ගැනීමට තිබූ මිලියන 712ක මුදල ලංකාවට ගෙනැවිත් රටේ ජනතාවට නිවාස තනා දුන් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.
-mawratanews
නිවාස අධිකාරියේ සභාපති පොලිසියයි මැර කණ්ඩායමකුයි යවලා ආයෝජකයකුගේ කොළඹ ඉඩමක් අල්ලපු හැටි - (video)
2021-10-07T07:12:00+05:30
Gossip Lanka Hot News






