gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘13 සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන්න’- ඉන්දීය විදේශ ලේකම් ජනපතිට දන්වයි

ශ්‍රී ලංකාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියලුම වගන්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අවධාරණය කර තිබේ.

ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පැවසුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

එම හමුවේදී විදේශ ලේකම්වරයා ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් පවසා තිබුණේ, ශ්‍රී ලංකාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සියලුම වගන්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවත් ඉන්දීය ස්ථාවරයට අනුව 13 වැනි සංශෝධනයට ඇතුළත්ව ඇති බලතල බෙදී යාම පිළිබඳව ඇති වගන්ති සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සිදුකළ යුතු බවත් ය.

ඉන්දියාව 13 වැනි සංශෝධනය මුළුමනින්ම බලාත්මක කරන ලෙසට ඉතා පැහැදිලිව කියා තිබුණ ද (06) මාධ්‍ය හමුවක් කැඳ වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඒ පිළිබඳව කිසිදු සඳහනක් සිදු නොකළේ ය.

ඒ වෙනුවට මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වූයේ, ඉන්දීය විදේශ ලේකම්වරයාගේ සංචාරයෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ පිළිබඳවයි.

”ඉන්දියාව සුදානම් මහාපරිමාණ ආයේජන අපේ රටට කරන්න. කෝවිඩ් 19 වසංගතයෙන් ගොඩ යන කොට ආර්ථිකයට නව ජීවයක් ශක්තියක් එකුතු කිරීම සඳහා ඉන්දියාවෙන් ආයෝජන විශේෂයෙන්ම හඳුනාගෙන තිබෙනවා ක්ෂේත්‍ර 2 ක්. ඖෂධ නිෂ්පාදනය හා පරිගණක තාක්ෂණය. ඒවාගේම ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පිළිබඳ තත්ත්වය වඩා දියුණු මට්ටමකට ගෙන යාම සඳහා ඉන්දියානු රජය ඉන්දියයානු මහ බැංකුව සමග සාකච්ඡා කරලා විවිධ විකල්ප තියෙනවා. ඒවා ගැනත් විශේෂ අවධානයක් යොමු කළා”

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් සාකච්ඡා කළ කරුණු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේ ය.

”ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන විශේෂ අවධානයක් යොමු වුණේ, නෑ. මේ තෙල් ටැංකි පිළිබද ගිවිසුම් දැනටම තියෙනවා. ඒක හුග දෙනෙක් දන්නේ නැ. ඉන්දියාවෙන් මේ සම්බන්ධයෙන් ලොකු බලපෑමක් වෙනවා කියන මතය වැරදියි. ෂ්‍රිංග්ලා මැතිතුමා එහෙම බලපෑමක් කිසිසේත් කළේ නෑ. ඉන්දියාවේ ස්ථාවරය රටවල් 2 ටම උවමනා පරිදි රටවල් 2 ම අභිප්‍රාය ඉටුවන පරිදි මේවා සකස් කර ගනිමුයි කියන ස්ථාවරයේ ඉදලා තමයි ෂ්‍රිංග්ලා මැතිතුමා ඉන්දියානු රජය අප සමග ඒ විෂය ගැන සාකච්ඡා කළා. සියලුම පාර්ශවකරුවන් සමග වෘත්තිය සමිති අන් සියලු දෙනා සමග බොහොම විවෘතව සාකච්ඡා කරලා තිමයි අවසාන නිගමනයකට එන්නේ. එහෙම නිගමනයකට දැනට ඇවිල්ලා නෑ. සාකච්ඡා පැවැත්වුවා විතරයි”

මේ අතර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට වන ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක් දැයි අද මාධ්‍යවේදීහු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියහ.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ පැවැත්විය යුතුය යන මතයේ රජය සිටින බවත් එහි කිසිදු වෙනසක් නොමැති බවත් ය.

”අපි පැහැදිලිව අපේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. ඉන්දියන් විදේශ ලේකම් තුමා පැමිණියේ අලෙප් රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් තියෙන සහයෝගය වැඩි කරන්න. ඒ වාගේම මං හිතන්නෙව් දේශපාලන පක්ෂ කීපයක් හම්බවෙලා තියෙනවා. ඒ හම්බවෙච්ච වෙලාවේ කරපු ප්‍රකාශ තියෙනවා. මං හිතන්නේ ඒවා ඒ පක්ෂයට කරපු ප්‍රකාශ. හැබැයි පළාත් සභා මැතිවරණය සහ මැතිවරණ තියන්න ඕනේ කියන මතයේ අපි ඉන්නවා. එහි කිසිම වෙනසක් නෑ”

– newsfirst


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka