පවුල් පාලනය අවසන් කරන බව කී හිටපු ජනාධිපති පුත් දහම් උතුරු මැද මහ ඇමැති තරඟයට!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසන තරුණ බලමණ්ඩලයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත්‍රයා වන දහම් සිරිසේන නිතරගයෙන් තේරී පත් වී ඇත. ඒ ඊයේ (17) පැවැති තරුණ බල මණ්ඩල නිලවරණයේ දී ය.
මෙම රැස්වීමේදී එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උතුරු මැද පළාත් සභා මහ ඇමති ධූරය සඳහා දහම් සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට ද යෝජනා වී ඇතැයි දැන ගන්නට තිබේ.
කෙසේ වුව ද හිටපු ජනාධිපතිවරයා පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ප්‍රකාශ කළේ පවුල් පාලනයට තිත තබන බවත් තමාගෙන් පසු තම පවුලේ කිසිවෙකු දේශපාලනයට නොපිවිසෙන බවත් ය.
පවුල් පාලනය අවසන් කරන බව කී හිටපු ජනාධිපති පුත් දහම් උතුරු මැද මහ ඇමැති තරඟයට!
2021-10-18T14:10:00+05:30
Gossip Lanka Hot News






