gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනතාව කබලෙන් ලිපට නොවේ ලිපෙනුත් පහලට.. මෙහෙම ගියොත් කොහෙ නවතිද දන්නෑ.. ආණ්ඩුව ගැන ජනතාව කලකිරිලා - පොහොට්ටු මන්ත‍්‍රී මාධ්‍ය හමුවක

දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හේතුවෙන් ජනතාව අමාරුවේ වැටී ඇති බවත් ආණ්ඩුව බඩු මිල සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පැවැසීය.

භාණ්ඩ මිල ඉහළ යෑමේ ප්‍රශ්නයට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

බඩු මිල මේ ආකාරයට ඉහළ ගියහොත් කොතැනින් නතර වේ දැයි සිතා ගත නොහැකි බවත් භාණ්ඩ මිල දරා ගත නොහැකි පිරිස්වලට ආණ්ඩුව යම් සහනයක් ලබාදිය යුතු බවත් ඔහු පැවසුවේය.

විශේෂයෙන් සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන්ට ඉදිරි අයවැයෙන් සහන නොලැබුණහොත් ඒ අය බරපතළ අමාරුවක වැටෙන බව පැවසූ ජගත් කුමාර මහතා එවැනි සහනාධාරයක් නොලැබුණහොත් ජනතාව කබලෙන් ලිපට නොව ලිපෙනුත් පල්ලෙහාට වැටෙන බව ස්ථිර යැයිද සඳහන් කළේ‍ය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වුවත් බඩු මිල රටේ ජනතාවට දරා ගැනීමට අපහසු බව තමා ප්‍රකාශ කරන්නේ යැයිද මන්ත්‍රීවරයා කීවේය.

ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ බොහෝ දෑ ඉටුකිරීමට නොහැකි වූයේ කොරෝනා වසංගතය නිසා බවත් බලාපොරොත්තු ඉටු නොවීම නිසා ජනතාව අතරේ ආණ්ඩුව කෙරෙහි යම් අප්‍රසාදයක් ඇති බව තේරුම් ගෙන සිටීම ගැන ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

– lankadeepa


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka