gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇවන්ගාඩ් නඩුවත් ඉවරයි! නීතිපති චෝදනා නොමැති බව කියයි!

ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වි. මහනුවර නෞකාවේ තිබි සොයා ගන්නා ලද පාවෙන අවි ගබඩාව සම්බන්ධ නඩු කටයුත්ත අවසන් කිරිමට ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.

මහේස්ත‍්‍රාත්වරිය මෙම නඩු කටයුත්ත මෙසේ අවසන් කරනු ලැබුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුගත් කුමාර මහතා විසින් මෝසමක් මගින් කරණ ලද කරුණු දැක්විමෙන් පසුවය.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ මෙහි අපරාධ චෝදනාවක් ගොනු කිරිමට චෝදනා නොමැති බැවින් නඩුව අවසන් කිරිමට නිතිපතිවරයා විසින් උපදෙස් ලබාදි ඇති බවය.

සියලූ‍ කරුණු සලකා බැලූ‍ මහේස්ත‍්‍රාත්වරිය නඩු කටයුත්ත අවසන් කිරිමට තිරණය කොට ඡායා පිටපත් තබාගෙන මුල් ලේඛන මුදා හැරිමටද නියෝග කළාය. ගාල්ල වරායේ නැංගුරම්ලා තිබු එම්.වී. මහනුවර නැවේ ඇවන්ගාඞ් සමාගම විසින් කන්ටේනර් විසි දෙකක ගබඩා කර තිබු මෙම පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ගාලූ‍ දිසාබාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුන තොරතුරක් අනුව වරාය පොලිසිය විසින් එය 2015 ජනවාරි 18වනදින අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදි.

එහිදි කරන ලද විමර්ශන අනුව කන්ටේනර් 22ක තිබි ටී.56 ගිනි අවි,මැෂින් තුවක්කු, 84එස්.රයිෆල්,ඇතුලූ‍ ආයුධ 3000කට අධික ප‍්‍රමාණයක් සොයාගෙන තිබින. පසුව මේ සම්බන්ධ නඩුව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදි පළමු වරට කැඳවු අවස්ථාවේ නැව අයත් සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ලබාගෙන මුහුදේ යාත‍්‍රා කරන නැව්වලට ආරක්ෂාව සැපයිම සඳහා ඇවන්ගාඞ් සමාගම විසින් මෙම අවි ගබඩාව පවත්වා ගෙන ගිය බවය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka